‘මතුවෙන්න’ - ජය ශ්‍රී අලුත් වැඩක් සමගින්

 


ජය ශ්‍රී සංගීත කණ්ඩායම අලුත් ගීතයක් නිර්මාණය ක‍රපු බවට වුණු පුවත් පහුගිය සති කීපය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණා. ‘මතුවෙන්න - The Diamond Story’ නමින් නම්කරලා තියෙන මේ ගීතය මේ වෙද්දී ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් දැකගන්න පුළුවන්. මේ ගීතයේ රූප රචනයෙන් දිගහැරෙන්නේ ඔවුන්  පහුගිය දවස්වල කිව්ව ඩයමන්ඩ් ගැන කතාවයි.

මේ ගීතයේ රූප රචනයත් විශේෂයි. දේශීය වගේම විදේශීය නිර්මාණ ශිල්පීන් ඊට සම්බන්ධ වී තිබෙනවා. ලංකාවේ හිටියත් තවමත් අපි දැකලා නැති ලස්සන තැන් ගණනාවක් ‘මතුවෙන්න‘ තුළින් දැකගන්නට පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් මේ අතරට අයිතියි.

ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීත‍යේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත ගණනාවක සංගීත නිර්මාණ ශිල්පියා වන රැප්සිලා (සාරංග දිනේෂ්) මෙහි සංගීතය නිර්මාණය කර තිබෙනවා. 

‘සිව්කොණ එකතුවෙලා

ජය කණුව සොයනා වෙලේ

සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍

ජයගන්නට හැකි තුරුම්පුවක් වී

ලොවටම පෙන්වන්න

මතුවෙන්න  - පණදෙන්න

රුවි‍තේ  - විඳගන්න

ජයගන්න’

 


අපිට මෙතෙක් කාලයක් දැකගන්නට ලැබුණේ ජය ශ්‍රී ලා ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගීතයි. ඒ අතරින් ‘මතුවෙන්න‘ විශේෂ වෙන්නේ නැවුම් ආරකට අනුව බිහිවුණු වෙනස් නිර්මාණයක් නිසයි.



‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්න ලැබෙන සංකේතයක් තමයි ඩයමන්ඩ්. ජය ශ්‍රී ලා පහුගිය කාලේ කතා කළෙත් මේ ඩයමන්ඩ් ගැනයි. කොහොම වුණත්, ‘මතුවෙන්න’ ගීතයෙන් ආරාධනා කරන්නේ, ජයගන්න පුළුවන් තුරුම්පුවක් වගේ, නැත්නම්, ඩයමන්ඩ් එකක් වගේ තමන්නේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන තාරුණ්‍යයට නැගිටින්න කියලා. මේ ඩයමන්ඩ් සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්නට හැකියි. ගීතය ආරම්භ වෙන්නෙත් ඩයමන්ඩ් එකක් ඇතුළට ජය ශ්‍රී ලා යනවා වගේ ෂොට් එකකින්. මේ ඩයමන්ඩ් එකේ අභිරහස ‘මතුවෙන්න’ ගීතය තුළින්ම දැකගන්න. පිවිසෙන්න.