කැන්ඩොස් වෙතින් පැහැදිලි කිරීමක්

 

පසුගියදා කැන්ඩොස් චොකලට් නිෂ්පාදනයකින් මිනිස් ඇඟිල්ලක කොටසක් මතුවීම පිළිබඳ විශේෂ නිවේනයක් නිකුත් කළ කැන්ඩොස් සමාගම පවසන්නේ, මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි. 

‘මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා විධිමත් විමර්ශන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී. අප මෙම කාරණය කිසිවිටෙක අවතක්සේරු නොකරන්නෙමු.  මෙම තත්වය තුළ අපගේ සන්නාමය වෙනුවෙන් පෙනී සිට, එය නොසැලී ආරක්ෂා කිරීම පිළිබඳව අපගේ පාරිභෝගිකයන් හට කෘතඥ වන්නෙමු. එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් ඇති වූයේ නම් 

ඒ පිළිබඳව අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අපගේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ විශ්වසනීයත්වය ස්ථාවරව, නොසැලී පවතින බව පාරිභෝගිකයින් වෙත සහතික කිරීමට අපගේ ආයතනය කැපවී සිටින බව නැවතත් සිහිපත් කරන්නෙමු.‘