රුවිතෙට එක්වෙන්න - ජය ශ්‍රී

ජය ශ්‍රී අයියා මලෝ අලුත් රුවිතයක‍ට ලෑස්ති වෙන බව පහුගිය සතිය පුරාම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා. මේ පැතිරුණු ආරංචිත් එක්ක බොහෝ දෙනෙක් විමසුවේ ජය ශ්‍රී ලා අලුත් බිස්නස් වැඩකට වත් අතගහලා තියෙනවද, නැත්නම්, රෙස්ටොරන්ට් එකක් වත් දාන්න යනවද කියලා. මේ අතරේ රුවිතයක් ගැනත් ජය ශ්‍රී ලා කියලා තිබුණා.

ජය ශ්‍රී ලා කියන මේ 'රුවිතේ' මොකක්ද කියන වග බොහෝ දෙනෙක්ට ගැටලුවක් වුණු නිසාම ෆේස්බුක් ලයිව් එකක් ආව ජය ශ්‍රී, අයියා මලෝ ඒ ගැන පැහැදිලි කිරීමකුත් කළා.

ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.

ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්’.

මේ ගැන වැඩිදුර‍ටත් පැහැදිලි කරන ජය ශ්‍රී කියන්නේ ලංකාවේ දක්ෂතම ශිල්පීන් පිරිසක් එක්වෙලා කරපු මේ නිර්මාණ කටයුත්ත වෙනසක් වේවි කියලයි. ජය ශ්‍රී රෝහිත ඒ ගැන කියන්නේ,

‘ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.

ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි’ කියලා.

මේ ගීතය එළඹෙන 28 වෙනිදා හවස 5 ට රිලීස් වෙන්නට නියමිතයි.