AI - රාජ්‍ය ප්‍රතිපත්ති වලට එල්ලකරන අභියෝග ගැන ටෝනි බ්ලෙයාර් සහ විලියම් හේග් පවසයි

එක්සත් රාජධානිය මෙතෙක් මුහුණදී ඇති ප්‍රතිපත්තිමය අභියෝගය කෘත්‍රිම බුද්ධිය විය හැකි බවත් ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රතිවාදී බලවතුන් වැළැක්වීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගතයුතු බව එක්සත් ජනපද‍යේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හා හිටපු කොන්සර්වේටිව් පක්ෂ නායක විලියම් හේග් විසින් සම්පාදිත ඒකාබද්ධ වාර්තාව වන A New National Purpose: AI promises a world-leading future of Britain වාර්තාවෙන් පෙන්වාදී ඇත. 

තාක්ෂණය මගින් සමාජය ‘රැඩිකල් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට’ සූදානම් වන අතරම ‘අනාගතය සඳහා අප සැලසුම් කරන ආකාරයෙහි මූලික වෙනසක් ඇතිකරන බව’ ද මෙහි පෙරවදන තුළ දක්වයි. AI විසින් මුදාහැරිය හැකි වෙනස්කම් සඳහා රාජ්‍යය දුර්වල ලෙස සූදානම් වී ඇති බවට වාර්තා අනතුරු ඇඟවීම ද මෙමගින් සිදුකර ඇත. 

‘’AI හි අනපේක්ෂිත සංවර්ධනය, වෙනස් වීමේ වේගය හා එහි වැඩිවන බලය යන්නෙන් අදහස් වන්නේ මෙතෙක් මුහුණදුන් වඩාත්ම සැලකිය යුතු ප්‍රතිපත්තිමය අභියෝගයක් ඉදිරිපත් වියහැකි බවයි. ඒ සඳහා රාජ්‍යයේ පවතින ප්‍රවේශයන් හා නාලිකා දුර්වල කර තිබේ’’ යනුවෙන් වාර්තාව තුළ ‍මේ පිළිබඳ පෙන්වා දෙයි. 

විධාන මත ඒත්තු ගැන්වෙන පෙළ, රූප හා හඬ පවා නිපදවිය හැකි AI උත්පාදනය හරහා එක්සත් රාජධානියේ හා අනෙකුත් රටවල දේශපාලන න්‍යාය සක්‍රීය කර ඇත. AI තාක්ෂණ‍යේ වේගවත් වර්ධනය, පරිගණක බලය, දැවැන්ත ජාල නිර්මාණයේ ඉදිරි ගමන හා ChatGPT chatbot වැනි ප්‍රබල මෙවලම් තැනීමට දත්ත කට්ටල තිබීම ආදියෙන් බලගතු පද්ධති ගොඩනැගීමට දැවැන්තයින්ගෙන් ආරාධනා ලැබී ඇත. 

AI පිළිබඳ උත්සුකතාවන් කෘත්‍රිම බුද්ධියට වැරදි තොරතුරු නිපදවීමට ඇති හැකියාවේ සිට මානව පාලනයෙන් ඔබ්බට වර්ධනය වන AI තාක්ෂණය දක්වා විහිදෙයි. 

මෙම වාර්තාව තුළ දක්වා ඇති ප්‍රතිපත්ති නිර්දේශ තුළ දැක්වෙන්නේ, උත්පාදක AI සමාගම් විසින් ඔවුන් නිෂ්පාදනය කරන මාධ්‍ය ‘ඩීප්ෆේක්’ ලෙස ලේබල් කිරීම හා ලේබල් නොකළ ඩීප්ෆේක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීම අවශ්‍ය වන බවයි. ජ‍ාත්‍යන්තර AI නියාමකයෙකු වීමේ අරමුණ ඇතිව, වගකීම් සහිත AI පද්ධති ගොඩනැගීමට මෙන්ම, ආරක්ෂිත AI පර්යේෂණ කිරීම හා පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමුකරන ජාතික රසායනාගාරයක් නිර්මාණයට මහජනයා සතු දත්ත කට්ටල පැවතිය යුතු බව මෙමගින් වැඩිදුරටත් පෙන්වාදෙයි. 

AI පද්ධති තැනීම සඳහා රජය විසින් පාලනය කරන ලද පරිගණක පද්ධති වෙත පිවිසීමේදී ඕනෑම ආයතනයක් එහි ‘වගකීම් සහගත භාවිතය’ පෙන්විය යුතු බව මේ වාර්තාවේ නිර්දේශ අතර දක්වා ඇත.

එක්සත් ජනපදය Google හිමිකාරීත්වය යටතේ පවතින ලොව ප්‍රමුඛ පෙළේ DeepMind මත ‘අධික ලෙස රඳා පවතින’ බවත් එවැනි ව්‍යාපාර තවත් දියුණු කළයුතු බවත් පෙන්වා ‍දී ඇති මෙහි එක්සත් ජනපදය AI තාක්ෂණයට ඉක්මනින් අනුවර්තනය නොවන්නේ නම් ඇමරිකා එක්සත් ජනපදය වැනි වෙනත් රටවල් සමග තරඟ කළ නොහැකි බව වාර්තාව පෙන්වා දෙයි. 

The Guardian ඇසුරිනි 

අනුවර්තනය  - වින්ධ්‍යා ගම්ලත්