දකුණු ආසියාවේ හතරවෙනි ඉස්ලාමීය රාජ්‍ය ඉදිවේ

 අල්ලාහු අක්බර්. දකුණු ආසියාවේ හතරවෙනි ඉස්ලාමීය රාජ්‍ය ඉදිවේ.


ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනාධිපති මංදිරයට ඇතුලු වූ තාලිබාන් ඉස්ලාමීය හමුදාව ඇෆ්ගනිස්තාන් ඉස්ලාමීය ආණ්ඩුව ප්‍රකාශයට පත්කළේය. මේත් සමඟම දකුණු ආසියාවේ [සාර්ක්] සංවිධානයේමෙතෙක් පැවති ඉස්ලාමීය ආණ්ඩු [ පාක්ස්තානය, බංග්ලාදේශය හා මාලදිවයින] තුනට හතරවැන්නක් එකතු වන්නේ ය.




ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය ආණ්ඩුවක් බලයට පත් වීම නිසා සාර්ක් සංවිධානයේ මෙතෙක් පැවති ඉස්ලාමීය නොවන රාජ්‍යවලට තිබූ බහුතර බලය නැතිවන්නේ ය. එනම් ඉංදියාව, භූතානය, නේපාලය හා ලංකාව ට මුහුණ දිමට ඉස්ලාමීය රටවල් හතරක් ඇති වන්නේ ය.

එක්සත් ජනපද ආණ්ඩුව 1975 අප්‍රියෙල් මාසයේ දී ඉංදු චීනයෙන් “සයිගෝන්” පලායම සිහිපත් කරන මේ දේශපාලන අත්දැකීම වඩාත් කටුක වන්නේ මේ ඇෆ්ගන් “සයිගොනයේ” බලය කොමියුනිස්ට්වරුන්ට නොව ඉස්ලාම් අන්තවාදීන් අතට පත් වීමෙන් ය.

ඇෆ්ගනිස්තානයේ නව පාලකයන් වන මුල්ලා ඕමාර්වරු හා සහරාන් කාසිම් අතරේ බොහෝ සමානකම් ඇත්තේ ය. එයින් වඩාත් වැදගත් වන්නේ මුල්ලා ඕමාර්ලාට ඇමරිකානු සී. අයී. ඒ. ඔත්තු සේවය තිබූ බැඳීම සහරාන් කාසීම්ලාට ඉංදියානු රෝ ඔත්තු සේවයට තිබීමය. පුලස්තිනී රාජෙන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් පාස්කු බෝම්බ ප්‍රහාර නඩුවේ සැකකාරියක් නොවන්නේ මේ බැඳීම නිසාය.

කෙසේ වෙතත්, දකුණු ආසියානූ රාජ්‍ය සමූහයට තවත් ඉස්ලාමිය රාජ්‍යයක් එකතුවිමේ රස්නය කොළඹට වඩා දැනෙනු ඇත්තේ නව දිල්ලියටය. නවදිල්ලියේ විදේශ අමාත්‍යාංශයේ බමුණන් දැන් කාබුල්වලට ගැලපෙන අලුත් පද ලියනවිට කොළඹ නැට්ටුවන්ට ඒවාට නටන්නට සිදුවීම නොවැලැක්විය හැකිය. දැන් අපි මේ නැටුම් බලන්නට සුදානම් විය යුතුය.

නන්දන වීරරත්න