‘චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගිතා සංගමය‘ ස්ථාපිත කෙරේ

 

 ස්ථාපිත කෙරේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ගේ ප්‍රධානත්වයෙන් ‘චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගිතා සංගමය‘ බෙයිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණ. 

දෙරට අතර ආර්ථික හා වෙළද සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණයි. මෙම සංගමය හරහා අනාගතයේ දී  ශ්‍රී ලංකා නිෂ්පාදන වැඩි වැඩියෙන් චීන වෙළඳපොලට හදුන්වාදීමට අවස්ථාව සැලසෙනු ඇති බවට අපේක්ෂා    කරන බව තානාපතිතුමා පැවසීය.

එහිදී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා සදහන් කළේ ‘එක් තීරයක් - එක් මාවතක්‘ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට වැඩි ආර්ථික හා වෙළඳ අවස්ථා ග්‍රහණය කර ගැනීමට මෙම සංගමය මගින් අවස්ථාව සැලසෙනු ඇති බවයි.