අර්බුදයේ ප්‍රෙහෙලිකා

වික්ටර් අයිවන්

කිසියම් කලක සිට ලංකාවේ සමහර වැදගත් දේවල් සිදුවූයේ විකාර රූපි ස්වරූපයකටය.සමාජයේ විචාර බුද්දියේ ( ලංකාවේ ශාස්ත්‍රාලිය ලෝකයද ඇතුලුව )පූරණ බිද වැටීමක් නැතිව රටක් මෙවැනි අසමත් තත්වයකට ඇද වැටිය නොහැකිය.විචාර බුද්දියේ පූර්ණ බිදවැටීමක් ක්‍රමානුකූලව මිස ක්ෂනිකව සිදුවිය නොහැකියེ.ජනාදිපති ගෝටාබයගේ භුමිකාව තෙරුම් ගතයුතුව තිබෙන්නේ අලුත් නාට්‍යක් ලෙස නොව පරණ නාට්‍යයේම  තවත් අලුත් පරිච්චේදයක් ලෙසය.ගෝටාභය උපදින්නේ යහපාලන ආණ්ඩුවේ ගර්බාශයෙනි.එම උත්පත්තියේ පෙකනි වැල කපන්නේද යහපාලන ආණ්ඩු වේ වින්නම්බු අම්මලාය.මේ විකට නාට්‍යයේ සැබෑ දේසපාලන සොබවය තෙරුම් ගත හැකිවනු ඇත්තේ මේ ආණ්ඩුව හා තිබුන ආණ්ඩුව අතර තිබෙන අන්තර් සම්බන්දය තේරුම් ගැනීමෙන් හා විශේෂ වශයෙන් ගත හොත් ඒ ආශ්‍රයෙන් ගොඩනැගී තිබෙන ප්‍රෙහෙලිකා විසදා ගැනීමට දරන උත්සහයන් තුළිනි.



            ප්‍රෙහෙලිකා අංක1: ජනාදිපති ක්‍රමය

ලංකාව ට අදාලව විසදා ගත යුතුව තිබෙන ප්‍රදාන ගනයෙහි ලා සැලකිය හැකි ප්‍රෙහෙලිකා  10 ක් පමන තිබේ.මා මෙහි සාකච්චා වට ගන්නේ ඉන් දෙකකි.ජනාදිපති ප්‍රෙහෙලිකාව හා පොහොර ප්‍රෙහෙලිකාවයි.2015 මැතිවරනයේ ප්‍රදාන තම මහජන ඉල්ලීම ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම ලෙස සැලකිය හැකිය.යහපාලන ආණ්ඩුව එය ඉටුකලේ නැත.ජනාදිපති ක්‍රමයට බොරු ප්‍රතිසන්ස්කරන කිහිපයක් එකතු කොට එය පැවති අසීලාචාර ස්වරූපයෙනම තබා ගත්තේ ය.ලංකාවේ ජනාදිපති ක්‍රමය සීලාචාට තත්වයට ගැනීමට නම් ජනාදිපති නීතියට පහලින් සිටින නීතියට යටත් තත්වයක තැබිය යුතු ය.එ සමග ඔහු තිබෙන හිතුවක්කාරි බලය සේම ඔහුගේ මූලීකත්වයෙන් සිදුවන වස්තු කොල්ලය ද අවසන් වන්නේ ය . 

විය යුතුව තිබුනේ මහජනයා ගේ ප්‍රධාන  ඉල්ලීමට අනුකූල වෙමින් ජනාදිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක මාරු වන අතර ජාතිය ගොඩ නැගීමට හේතුවන ලෙස හා ජරාජීර්න තත්වයට පත්ව තිබුන රාජ්‍යය රටේ සියලු දෙනාගේ විස්වාසයට හේතුවන ලෙස නවීන හා කාර්‍යක්ෂම රාජ්‍යය ක් බවට පත් කිරීමට හේතු වන ප්‍රතිසන්ස්කරන වලට රට යොමු කිරීමය.ඒ වෙනුවට සිදු වූයේ වියාජ ප්‍රතිස්ංස්කරන වැඩ සටහනක් සමග රාජ පක්ෂ විරෝදි සන්දරශනාතමක වැඩ සටහනක රට යොමු කිරීමය.අනෙකුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසන්ස්කරන සමග ජනාදිපති ක්‍රමය අහෝසිකලේ නම් හෝ ජනාදිපති ක්‍රමය පවත්වාගෙන යන්නේ නම් ජනාදිපති නීතියට පහලින් තබන තැනක තැබුවේ නම් ඒ ප්‍රතිසන්ස්කරන ආපසු හැරවීම සරල හෝ පහසු වන්නේ නැත.

යහපාලන ආණ්ඩුව ජනතා අබිලාෂ යන්ට අනූකූල වෙමින් ජනාදිපති ක්‍රමය අහෝසි නොකලේ ඇයි? යහපාලන ආණ්ඩුවේ සමහර නායකයින් ඊට මට දී තිබෙන පිලිතුර වනුයේ එක මොහොතක ජනාදිපති ක්‍රමය අහෝසිකීරීමට චම්පික හැර අන් සියලු නායකයින් කැමතිවී සිටි බවත් චම්පික ගෙන් එල්ලවූ විරෝදය නිසා එම තීරනය ආපස්සට ගන්නට සිදිවූ බවත්‍ ය.චම්පිකට ජනාදිපති ක්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍ය වූයේ ඇයි.?තමන්ට පාලන බලයට එනවා නම් ආ හැකි එකම ක්‍රමය එය ලෙස සලකා එසේ කලේද? නැතිනම් ඒ ඇයි.?ජනාදිපති ක්‍රමය තබා ගැනීමට අවශ්‍ය වී නම් එහි සීලාචාර ආකෘතියක් ඇති කර  ගන්නේ නැතිව පරන අසීලාචාර ආකෘතිය පවත්වා ගත්තේ ඇයි?එම ප්‍රස්නයට චම්පික දෙන පිලිතුර කුමක්ද? ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම සදහා යහපාලන ආණ්ඩුවේ අන් සියලු දෙනා එක මතයක සිටියේ නම් චම්පික නොසලකා ජනාදිපති ක්‍රමය අහෝසි කරන තැනකට  අන් නායකයින් නොගියේ ඇයි? ජනාදිපති ක්‍රමය පැවතිය හොත් එය කවදා හෝ තමන්ගේ ඔඩොක්කුවට වැටෙන්න පුලුවන් කමක් තිබේයයි කියන හැගීම රාජ්‍යය නායකත්වය ගැන හීන දකින නායකයින් තුල තිබුන නිසාද? රාජ්‍යය නායකයා ඇතුලු රාජ්‍යය යේ සියලු දෙනා නීතියට යටත් තත්වයක සිටිය යුතුයි කියන සංකල්පය ඉතාමත් ප්‍රකට පැරනි පිලගත් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය කි.මොන හේතු නිසා හෝ ජනාදිපති ක්‍රමය පවත්වාගෙන යාමට තීරන කලේ නම් ජනාදිපත් නීතියට යටත් තත්වයකට. ගැනීමට ක්‍රියා නොකලේ ඇයි? ඒ ගැන චම්පිකට අතිරේකව රනිල්, කරු, මංගල , සජිත්, අනුර කුමාර වැනි නායකයින් කියන්නේ කුමක් ද?

             ප්‍රෙහෙලිකා අංක2: රසායන පොහොර

ලංකාව මුහුණ දී තිබෙන ණය අර්බුදය ඉදිරියේ ආනයනයන් සදහා කරන වියදම උපරිම මට්ටමෙන් පාලනය කිරීමේ අවශ්‍යතාවක් පවතී.එහෙත් රසායන පොහොර සැලකිය හැක්කේ කපා නොහැර කෘෂිකරමයේ යහ පැවැත්ම සදහා නොකඩවා ආනයනය කල යුතු දෙයක් ලෙසය.මේ අර්බුදයට පුර්න විසදුමක් ලැබෙන තෙක් අර්බුදයේ බර තුනීකර ගැනීම සදහා අල්ලා ගෙන සිටිය යුතු අංසය බවට පත් කර ගත යුතුව තිබුනේ කෘෂිකරමයයි.ආහාර අර්බුදය ‍යක් ඇති නොවන තත්වයක් පවත්වා ගෙනයන අතර කර්මාන්ත අන්සයේ රක්ෂා අහිමි වන ජනායාට රැකවරනය ලබා දිය හැකි තත්වයක් ඒ මගින් පවත්වාගෙන යායුතුව තිබුනි.

රසායන පොහොර තහනම කෘෂි කර්මයට තිබූ එම හැකියාව මරා දැමීම්ට හේතු වනු ඇත.වන ස්තුන් ගේ ගහනය වර්දනය වීමෙන් එල්ලවී තිබෙන අබියෝගය ජය ගැනීම සදහා ගොවීන් අතට තුවක්කු දීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරනය නිවරදිය.එහෙත් රසායන් පොහොර තහනම කෘෂිකරමයට ඇතිකරන බලපෑම ඉතාමත් විනාශකාරි ය.ඒ සදහා තීන්දුවක් ගන්නට පෙර හොදින් කරුනු සලකා බැලීමකට යායුතුව තිබුනි.එය ජනාදිපති ට හෝ ඇමති මණ්ඩලයට තනිව ගත් හැකි තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය.එය කෘෂි විද්‍යාඥයන් ගේ හා කෘෂි නිලදාරින් බැරෑරුම් ලෙස කරුනු සලකා බැලීමකට යෑමෙන් පසු ඔවුන් ගේ නිර්දේශ මත පිහිටා ගත යුතු තීන්දුවකි.එහෙත් තීන්දුව ගෙන තිබුනේ දේසපාලන අධිකාරිය විසින් ඉතාමත් හිතුවක්කාර ආකාරයකටය.

ආනයනය කරන රසායන පොහොර හා ඒ සදහා අවශ්‍ය රසායන යෙදවුම්  සදහා ඩොලර් වලින් ගෙවීමට බැරි ප්‍රස්නයක් තිබුනේ නම් ඩොලර් වලින් ගෙවීමකින් තොරව එම අවශ්‍යතාව සපුරා ගැනීමේ හැකියාව ද ලංකා වට තිබුනි.රසායන පොහොර නිපදවන රටවල් අතර ඉන්දියාව චීනය ප්‍රදානය.රටට අවශ්‍ය රසායන පොහොර චීනයෙන් ලබා ගැනීමට පුලුවන් කම තිබුනා සේම ඉන්දියාව අපට ලබා තිබෙන නය පහසුකම් මාරගය ඔස්සේද ඒවා ලබාගත හැකි වන්නට ඉඩ තිබුනි.එසේ නොකොට ලංකාවේ කෘෂික්‍රමයේ පිට කොන්ද කඩා බිද දැමීමක් ඇති කිරීමට හේතුවන තීන්දුවක් ගන්නා තැනට ගියේ ඇයිද යන්න නොපැහැදිලිය.එම බිහිසුනු තීරනය පිටුපස සිටින මහ මොල කරුවා කව්ද? ඔහු ඔල මොට්ටලයෙක් නොවේ නම් එසේ කරන්නට ඇත්තේ ලංකාව පූර්ණ පරාදීනත්වයකට තල්ලු කිරීමේ අදහසින් ම විය හැකිය.

           තහනමේ ඓතිහාසික පසු බිම

රසායන පොහොර තහනම ගැන ආණ්ඩු වට පමණක් දොස් තැබිය නොහැකිය.රසායනික පොහොර , කෘමි හෝ වල් නාශක නැති කාබනික ගොවි තැනක් ගැන හඩ නගන මතවාදි වියාපාරයක් දශක හතරක් තිස්සේ ම රටේ තිබුනි එම මතවාදි වියාපාරයේ ලංකාවේ ආරම්බක නියාය වාදියා ලෙස සැලකිය හැක්කේ මොන්ලාර්( MONLAR) වියාපාරයේ නිර්මාතෘ සරත් ජස්ටින් ප්‍රනාන්දුය.මා දන්නා තරමින් රසායන පොහොර නැතිව කාබනික ගොවිතැකක් වෙනුවෙන් ලංකාවෙ පෙනී සිටි පලමු නියාය වාදියා ඔහුය.ඉන් පසු එවැනි වැඩ සටහනක් වෙනුවෙන් පෙනී සිටි ඊලග නියාය වාදියා වූ යේ චම්පික රණවකය.එකල ඔහු පාරලිමේන්තු දේසපාලකයෙකු නොවු අතර තරුන වියාපාරයක් වූ ජනතා මිතුරෝ සන්විදානයේ ප්‍රදානියා විය.රසායන පොහොර, කෘමි හෝ වල් නාශක නැති කාබනික පොහොර වලින් පමණක් කරන පාරිසරික ගොවි තැන් ක්‍රමයක් පිලිබද අදහස ලංකාවෙ බිහිවූ අදහසක් නොවන අතර යුරෝපයේ හරිත වියාපාර ආශ්‍රයෙන් ගොඩනැගුන මතවාදි වියාපාරයක් විය.සරත් හා චම්පික යන නියායවාදින් දෙදෙනාම එම යුරෝපීය මතවාදි ප්‍රවන තාවයේ දේශීය ගුරු කුල දෙකක නායකයින් විය.ඒ වන විට චම්පික සිංහල බෞද්ද චින්තනයකට තදින් ගැට ගැසී තිබුනේ නැත.මෙම මතවාදයට බුජාතික සමාගම් විරෝදි පෙනුමක් තිබුන නිසා අධිරාජ්‍ය විරෝදි සටන් කාමි පෙනුමක් ඇතිව එම මතවාදය සමාජ ගත කිරීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබුනි.සරත් කුඩා පොත් හා පත්‍රිකා මගින් එම අදහස සමාජ ගත කලේය.චම්පික ස්වබාවික ගොවිතැන පිලිබද ප්‍රකට නියායවාදියෙක් වූ ජපන් ජාතික පුකුයාකෝ ( Masanobu Fukuoka) පිදුරු ගසක විපලවය" ( One straw revolution)නැමැති පොත පාදක කරගනිමින් රසායන පොහොර, කෘමි හෝ වල්නාශක නැති ගොවිතනක් ගැන වන ලිපි පෙලක් දිවයින බදාදා සංග්‍රහයට ලීවේය. මා සරත් හා චම්පික යන දෙදෙනාම දැනසිටි අතරඒ දෙදෙනා වෙන් වෙන්ව හමූ අවස්තාවල ඔවුන්ගේ එම විශේෂ මතාවදය. ගැන අදහස් හුවමාරු කර ගැනීම් සිදු වූ අතර ඒ කාලයේදී එම ප්‍රවනතාව විවේචනයට ලක්කල එකම විවේචකයා වන්නට ඇත්තේ මාය.

ඒ කාලයේදීද මා කාබනික ගොවි තැන මුලු මනින් ප්‍රතික්ෂේප කලේ නැත.එය ගෙවතු වගාවට යොදාගත හැකිවුවත් විශාල ප්‍රමානයේ වගාවන්ට සාරතක ලෙස යොදා ගත නොහැකි බව මගේ මතය විය.එසේම අතුරු ආබාද තිබියදීත් රසායන පොහොර, කෘමි හා වල් නාශක නැතිව දියුනු කෘෂිකරමයක් පවත්වාගෙන යා නොහැකි බව මගේ මතය විය.කාබනික පොහොර වලින් ලබා ගත හැකි අස්වැන්න රසායන පොහොරවලට සාපේක්ෂව ඉතා අඩු බවත් කාබනික පොහොරවලින් කරන ගොවි තැනේ නිෂ්පාදන වියදමද රසායනික පොහොරවලින් කරන  ගොවිතැනේ නිෂපාදන වියදමට වඩා වැඩිබවත් මගේ මතය විය. දැන් සරත් ජස්ටින් ජීවතුන් අතර නැත.චම්පික ලංකාවේ දේසපාලන නායකයින් ගේ පෝලිමේ වැදගත් තැනක සිටින කෙනෙකු ලෙස සැලකිය හැකිය.මේ දෙදෙනා රසායන පොහොර වල් හෝ කෘමි නාශක ගොවිතැනක් ගැන කතා කර දැන් අවුරුදු 30 කට වැඩි කාලයක් ගත වී ඇතත් ලෝකයේ රසායන පොහොර කෘමි හා වල් නාශක නැති කබනික ගොවි තැනක් ඇත්තේ කෘෂිකරමය සදහා වෙන් කර තිබෙන බූමියෙන් සියයට 2 කකටත් වඩා අඩු බූමි ප්‍රමානයක පමණය.ඒවාහි නිපදවන දේවල් ආහාරයට ගන්නේ සාමාන්‍ය ජනතාව නොව ධනවතුන්‍ ය.ආපසු හැරී බලන විට මට හිතෙන්නේ සරත් හා චම්පික මෙම විශේෂ මතවාදය පැලපදියම් කිරීම සදහා වැය කරන ලද වටිනා කාලය රසායන පොහොර, කෘමි හා වල් නාශක බාවිතයේදී ගොවීන්ට හා පරිසරයට සිදුවන හානිය අවම කිරීමට හේතු වන ආකාරයට ඒ වා පාවිච්චි කල යුතු ආකාරය කියා දුන්නේ නම් හා ඒවා ලංකාවට ආනයන කරන විට  උසස් ප්‍රමීතීන්ට අනුකූලව රසායන පොහොර, කෘමි හා වල් නාශක ගෙනෙන තත්වයක් සහතික කරන ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම සදහා ක්‍රියා කලේ නම් ඔවුන්ගේ මහන්සිය වඩා පලදායි වන්නට ඉඩ තිබුනේයයි මට සිතෙන්නේය.

චම්පික එම මතවාදය අත් හැරියේද ඒ කවර ප්‍රමානයකට ද යන්න මා දන්නේ නැත.එ හෙත් දැන් ඔහු ඒ වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී සිටින්නේ නැත.එහෙත් ඔහු ගෙන් පසු ඒ ධජය අතුරලියේ රතන හිමියන් සියතට ගත්තේය.යහපාලන ආන්ඩු වේ ජනාදිපතිවරයා වස විස නැති ගොවි තැනක් සදහා වන ජාතික මට්ටමේ වන වැඩ සටහනක් පවත්වාගෙන යාම සදහා ඒ හිමියන්ට ලොකු මුදලක් වෙන් කර දුන්නේය. එම හිමියන් එම වියාපෘති යේ සමහර ගමන් බිමන් ගියේ හෙලි කොප්ටරයෙනි.රසායන පොහොර කෘමි හා වල් නාශක නැති කාබනික ගොවි තැන යහපාලන කාලයේදීද රජයේ නිල  පිලි ගැනිමට හේතුවී තිබුන බව ඉන් පෙනී යයි.වස විස නැති ගොවිතැනක් පිලිබද සංවාදය උච්චම තැනකට ගෙන ගිය පූද්ගලයා ලෙස සැලකිය හැක්කේ දොස්තර චන්න ජයසුමනය.මේ වන විට ඔහු ඇමති වරයෙකි.රජරට පැතිරෙමින් තිබුන වකුගඩු රෝගය කෘෂි රසායන වලින් ( ප්‍රධාන කොට ග්ලයිෆෝසේට්) ලැබී තිබෙන බිහිසුනු දායාදයක් බව ඉතා බලවත් ලෙස සමාජයේ පතල කිරීමට ඔහු සමත් විය.ඒ මගින් ජාතික චින්තනයේ චම්පික ගුරු කුලය අත තිබූ වස විස නැති ගොවි තැනේ ධජය ජාතික චින්තනයේ නලින් සිල්වා ගුරු කුලය අතට හිමි කර දුන්නේය.රජ රට ප්‍රාදේශයේ ඇති වකු ගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බැලීම සදහා කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති මහත් ආන්දෝලනයට හේතුවු පර්‍යෙෂණය පවත්වන ලද්දේ නාථ දෙවියන් අදහන කාන්තාවක් මගින් එම පර්‍යේෂනය සදහා එම දෙවියන් ගෙන් මග පෙන්වීම් ලබා ගනිමිනි.එ මගින් දොස්තර චන්න සමාජ ගතකල දර්මතාව( වකු ගඩු රොගයට බලපෑ හේතුන් පිලිබද අරත කතනය) රසායන පොහොර, කෘමි හා වල් නාශක පිලිබද ලොකු සමාජ භීතිකාවක් ඇති කිරීමට හේතු විය.බර්ටරන්ඩ් රසල් කියා තිබෙන ආකාරයට භීතියට පත් කිරීම මහජනයා ගේ අවනත බාවය ලබා ගැනීම සාදහා යොදා ගත හැකි පහසු ක්‍රමයකි.දොස්තර සාෆි පිලිබදව සමාජ ගත කරන ලද කතාව ඒ සදහා දැක්විය හැකි එක නිදර්ශනයක් වන අතර ගන්ගොඩවිල සෝම හිමි අපවත් කිරීමේ කතාව ඒ සදහා දැක්විය  හැකි තවත් නිදරශනයකි..ඒ හැම අවස්තාවකදීම මහජනයා බලවත් ලෙස භීතියට පත්කොට ඔවුන් ගේ අවනත බාවය ලබා ගැනීමක් සිදු වී යයි කිව හැකිය.ඉන් පුද්ගලීකව වාසි ලැබු සුලු පිරිසක් සිටියා විය හැකි වුවත් ඒ වායින් රටට සිදුවූ අලාබය අති විශාලය.

                නායකයින් ප්‍රස්න කිරීම

මේ ලිපිය ලියන්නට ආවශ්‍ය වූයේ මට මූහුන දෙන්නට සිදුවූ  අත්දැකිමක් නිසාය.රසායන පොහොර තහනම ප්‍රකාශ කිරීමෙන් පසු " රසායන පොහොර අත් හැරීම" යන මාතෘකාව යටතේ ඒගැන විචාරයක් ලීවේමි.එය පල වීමෙන් පසුව නිෂාන්ත වර්ණකුලසූරිය මට දුරකතනයෙන් කාතා කොට එම විෂය ගැන 43 වන සේනාන්කය පවත්වන සුම් රැස්වීමක කතාවක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.ඊට සහබාගි වීමට තිබුන නොහැකියාව නිසා ඒ බව ඔහුට ප්‍රකාෂ කරන අතර රසායනික පොහොර විරෝදි  ස්තාවරයක් වෙනුවෙන් පෙනී සිටි වියාපාරයක් වශයෙන්  ආණ්ඩුවේ එම වැඩ සටහනට එරෙහිව පෙනී සිටීමේ  හැකියාව ඔවූන්ට  තිබෙන්නේ කෙසේදැයි ඔහු ගෙන් අසා සිටියෙමි.සංවාදායට මත 

දෙකම නියෝජනය කරන කතිකයින් යොදා තිබෙන බව ඔහු කීවේය.ඉන්පසු මම ඒ ගැන එවැනි දේවල් ගැන කතා කරන චම්පිකටද සම්බන්දයක් තිබූ යාලුවකු සමග කතා කලෙමි.සූම් මීටිමට නොයාම ගැන සේම චම්පික ගේ පොහොර ස්තාවරය ගැන ප්‍රස්න කිරීමද ඔහුගේ විරෝදයට හේතු විය.අතීතයත් සමග සමග සසදන විට ච්ම්පික යහපත් අතට බොහෝ වෙනස් වී තිබෙන බැවින් දුෂ්කර තත්වයකට පත් කිරීමට හේතු වන ලෙස ඔහු ප්‍රස්න කිරීමකට ලක්කරන ප්‍රතිපත්තියක් සුදුසු නැති බව ඔහු කීවේය.චම්පික පමනක් නොව බලයට පත් වීමට සිහින දකින සියලුම දෙනා තියුනු ප්‍රස්න කිරීමකට ලක්කල යුතුව තිබෙන බවත් ඔවුන් ගේ දේසපාලන බාවිතයට අතිරේකව ලංකාව මුහුණ දී තිබෙන අරබුදය ට ඔවුන් ඉදිරිපත් කරන විස්දුම් ඔවුන් ලවා පැහැදිලි කරවා ගැනීමද අත්‍යාවශ්‍ය බවත් මම කීවෙමි.

මා හිතන්නේ නැවත 2015 කට ඉඩ නොතැබිය යුතුය.එය ප්‍රමානවත් තරමින් විචාරයට ලක්වී නැතත් එය දැන හෝ නොදැන මහජනයාට කර තිබෙන දැවැන්ත වන්චාවක් ලෙස සැලකිය හැකිය.රාජ්‍යය බලය සදහා තරග කරන. හා පෙනීසිටින සියලුම නායකයින් තියුනු ප්‍රස්න කිරීමකට ලක් කිරීම අත්‍යාවශ්‍යය