රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ක්‍රමෝපායික වැඩපිළිවෙකි. එය දීර්ඝ කාලයක් ගතවන වැඩපිළිවෙලකි.
මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් රාසයනික පොහොර භාවිතා සම්පූරණයෙන්ම තහනම් කිරීම සඳහා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා ගත් තීන්දුව යහපත් එකක් වුවත් ප්‍රායෝගික එකක් නොවේ. දරුණු වසංගතයකින් බැට කමින් සිටින ජනතාව වෙන කිසිම දිනක මුහුණ නොදුන් ආකාරයේ සමාජ ව්‍යාකූලතාවයක පැටලී සිටිති. එවැනි අවස්ථාවක මෙවැනි තීන්දුවක් ගැනීම ජනාධිපතිවරයාගේ දේශපාලන බලය දුර්වල වීම සඳහා ඍජුව බලපාන්නේය.
අදාළ තීන්දුව ගැනීම සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දුන් සහ අනුබල දුන් කිහිප දෙනෙකු සිටිය හැකිය. මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට දැනුම් දීමේදී ජනාධිපතිවරයා වටා සිටි ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකි. අයෙක් අතුරලියේ රතන හිමිය. අනෙක් පුද්ගලයා අමාත්‍යයවරයෙකු වශයෙන් සේවය කරන චන්න ජයසුමනය. මෙම දෙදෙනාම කිසිඳු ප්‍රයෝගික බුද්ධියකින් මෙහෙවන චරිත දෙකක් නොවේ. අයෙක් බුද්ධ ධර්මය තම ආත්ම අසහාවන් පිනවා ගැනීම වෙනුවෙන් භෛව්තා කරන අයෙකි. අනෙකා නාථ දෙවියන් භාවිතා කොට රජරට සමස්ත ජනතාව මුලාවේ හෙලීමට උත්සහ කරන මිනිස් විෂයයකි.
රතන හිමි මීට පෙර පැවති ආණ්ඩුව යටතේ මෙම ව්‍යාපෘතියම හඳුන්වා දෙමින් රාජ්‍යය ධනය විශාල වශයෙන් වියදම් කරනු ලැබීය. ඉන් රටට සහ රටේ ජාතික ආර්ථිකයට ලැබුණු කිසිඳු ප්‍රතිඵලයක් නැත. එසේම චන්න ජයසුමන යනු කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ අවස්තාවේදී විවිධාකාරයේ පැණි වර්ග රට පුරා ප්‍රචලිත කරමින් සමස්ත ජනතාව මුලාවේ හෙළීමට කටයුතු කළ පුද්ගලයෙකි. මොවුහු වෙස්වලාගෙන සිටින නිවට නියාලු අවස්ථාවාදීන් මිස ජනතාවගේ සුගතිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පහල වූ චරිත නොවේ.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ක්‍රමෝපායික වැඩපිළිවෙකි. එය දීර්ඝ කාලයක් ගතවන වැඩපිළිවෙලකි. මේ සඳහා ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර වැඩසටහන අකාරයේ වැඩපිළිවෙලක් භාවිතා කළ යුතුව තිබුණි. රසායනික පොහොර භාවිතය අත්හැරීම සඳහා රටේ ජනතාව හුරු කළ හැක්කේ ඒ සඳහා අවශ්‍යය පරිසරයක් නිර්මාණය කිරීමෙනි.
එහි පළමු පියවර තමන් රවටන්නේ නැති අවංක කණ්ඩායමක් යොදවා ශක්‍යතා අධ්‍යනයක් සිදුකොට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමය. ඒ සඳහා මේ සම්බන්ධයෙන් ඉන්දියාව, ඉතියෝපියාව, උගන්ඩාව වැනි රටවල් ක්රියාවේ නංවා ඇති ජාතික වැඩපිළිවෙලවල් වල ඇති මූලික කාරනා අවබෝධ කරගෙන ශ්‍රී ලංකාවට අවශ්‍යය සහ ගැලපෙන අකාරයේ සැලැස්මක් සකස් කිරීම වැදගත් වේ. ඉන් පසු එම සැලැස්ම ක්‍රියා කිරීම සඳහා නියමු ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදිය යුතුය. එම නියමු ව්‍යාපෘති වල සාර්ථකත්වය මත එය ජාතික වැඩපිළිවෙලක් බවට පත්කිරීම වැදගත් වේ. නීති හෝ ගැසට් අවශ්‍යය වන්නේ මෙම ජාතික වැඩපිළිවෙලටය. අවශ්‍යය මූලික වැඩපිළිවෙල සිදුනොකොට, දුප්පතාගේ බඩගින්න නිවා ගැනීම සඳහා අවශ්‍යය රොටිය පුච්චා ගැනීමට ඇති කබල විසිකිරීමට උත්සහ කිරීමෙන් ජනාධිපතිවරයාට හෝ ජනතාවට යහපතක් සිදුවන්නේ නැත. නමුත්, ප්‍රායෝගික නොවන වැඩපිළිවෙලකින් ජනාධිපතිවරයා වටා සිටින කඳපණුවන්ගේ මනදොල පිනවීමට පමණක් හැකිවේ.
Post a Comment