ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් රාජ්‍යය බුද්ධි සේවයේ වර්තමාන ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධ කොට ඇති සේයාරුව ව්‍යාජ එකකි. එසේම, ඇතැම් වාර්තා සකස් කිරීම සඳහා තනි මූලාශ්‍රයක් පමණක් භාවිතා කොට ඇත. ඔහුගේ අදහස පරම සත්‍යය ලෙස පිළිගෙන ඇත.
කතු වැකිය
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට බුද්ධි අංශයේ සේවය කරන ප්‍රධානියෙකු තමන්ට එරෙහිව නැගු පදනම් විරහිත චෝදනා වලට යුක්තිය අපේක්ෂා කරමින් සිටින්නේය. පැමිණිලිකරුගේ පැත්තෙන් මෙන්ම සැකකාර චූද්ත පාර්ශවය පැත්තෙන් ගෙන බැලු විට මෙය ඉතාම වැදගත් පියවරක් බව අපේ හැඟීමයි. ඔහුට එරෙහි චෝදනා නගා ඇත්තේ යැයි සැලකෙන මානව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන සංවිධානය සහ එහි ප්‍රධානියාගේ මූලික යුතුකම වන්නේ යුක්තිය වෙනුවෙන් ස්වාධීනව පෙනී සිටීමයි. තමන් අතින් වරදක් සිදු වී ඇත්තේ නම් වහාම එය නිවැරදි කිරීම මීට පිළිතුරු ලබා දිය හැකි සාර්ථකම ක්‍රමවේදය වේ. මන්ද එය මනුෂ්‍යය විනය පිළිබඳ කාරණයකි.
![]() |
සංක්‍රාන්තික යුක්ති විශේෂඥ යැස්මින් සූකා |
අදාළ ආයතනය ගැන එම සංවිධානයේ වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සංක්‍රාන්තික යුක්ති විශේෂඥ යැස්මින් සූකා ගේ මග පෙන්වීම යටතේ මානව හිමිකම් පදනම විසින් පරිපාලනය කෙරෙන්නකි. විශ්වසනීය අනාගත යුක්ති ක්‍රියාදාමයක් සඳහා ITJP සාක්ෂි රැස්කොට සුරක්ෂිත කොට තබන්නා සේම, වගවීම සොයායන ශ්‍රී ලංකාවේ වින්දිත ප්‍රජාවන්ට සහාය විය හැකි තැන් වලදී මැදිහත්වීමද කරයි.” මෙම සටහනට අනුව මෙම සංවිධානය මෙවනු ලබන්නේ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ විශේෂඥවරියකි. ඇයට යුක්තිය පිළිබඳව මනා අවබෝධයක් මෙන්ම අත්දැකීම් රාශියක් ඇති බව අපි විශ්වාස කරමු. එසේම, ඇය සෑම දෙනෙකුගේම යුක්තිය වෙනුවෙන් නොබියව සහ ස්වාධීනව පෙනී සිටින විශේෂඥවරියක් යැයි විශ්වාස කරමු.
ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියා විසින් චෝදනා නගා ඇත්තේ සංක්‍රාන්තික යුක්ති විශේෂඥ යැස්මින් සූකා විසින් ව්‍යාජ තොරතුරු මත පදනම් කරගත් වාර්තා සකස් කොට ඔහුගේ ජීවිතය අවධානමේ හෙළා ඇති බව සඳහන් කරමිනි. ඔහුගේ චෝදනාව ඉතාම බරපතළ වන්නා සේම ඊට නිවැරදිව ප්‍රතිචාර දැක්වීමේ වගකීම යුක්තිය පිළිබඳ විශේෂඥවරියක වන ඇයට කිසිම අකාරයකින් බැහැර කළ නොහැකිය. එසේම යම් කිසි චුදිතයෙකු ස්වාධීන අධිකරණ ක්‍රමවේදයකින් වරදකරුවකු ලෙස විනිශ්චය කරන තෙක් ඔහු නිවැරදි කරුය නමැති නීතියේ මූලික පාඩම ගැන මෙම විශේෂඥවරියට ගැඹුරු අවබෝධයක් තිබේ යයි අපි විශ්වාස කරමු.
ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ගැන විවිධාකාර වාර්තා ප්‍රසිද්ධ කොට ඇත. එම වාර්තා කිහිපයකම රාජ්‍යය බුද්ධි සේවයේ වර්තමාන ප්‍රධානියා ගැන සඳහන් කොට තිබේ. එම වාර්තා වලට මේ වන විට එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අදහස් උපුටා දක්වමින් බුද්ධි අංශ ප්‍රධානියා එම වෛද්‍යවරයාට වදහිංසා කළ බවට චෝදනා නගා ඇත. මෙය ඉතාම බරපතළ චෝදනාවකි. නමුත් අවාසනාවට මෙන් මෙම සංවිධානය විසින් ප්‍රසිද්ධ කොට ඇති වාර්තා වල ඇතැම් කරුණු ඉතාම පටු දේශපාලන අරමුණු මූලික කරගත් බවක් පෙනේ. එසේම ඇතැම් වාර්තා සාවද්‍යයය.
රාජ්‍යය බුද්ධි සේවයේ වර්තමාන ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධ කොට ඇති සේයාරුව ව්‍යාජ එකකි. එසේම, ඇතැම් වාර්තා සකස් කිරීම සඳහා තනි මූලාශ්‍රයක් පමණක් භාවිතා කොට ඇත. ඔහුගේ අදහස පරම සත්‍යය ලෙස පිළිගෙන ඇත. මේ කරුණු වලින් පෙනී යන්නේ මෙම ආයතනය මෙහෙවන නිලධාරිනිය නොමග යවා ඇති ආකාරයයි. විවිධ පාර්ශවයන් විසින් තම තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙවැනි ආයතන මුළාවේ හෙළීම සිදු කරන්නේ නම් එය සැබැවින්ම අවාසනාවන්ත තත්වයකි. එය දැන්වත් වෙනස් විය යුතුය.
මෙනිසා රාජ්‍යය බුද්ධි සේවයේ වර්තමාන ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සුරේෂ් තුවාන් සලෙයි විසින් මෙම ආයතනයට එරෙහිව චෝදනා ගොනු කිරීම වැදගත් සිදුවීමකි. ආයතනයේ වගකීම සහ යුතුකම වන්නේ තමන් කෙතරම් අව්‍යාජද යන්න ලෝකය හමුවේ ඔප්පු කිරීමය.
Post a Comment