මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා


2020 පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගොස්තු 05 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද (10) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කොමිසම රැස්වී ඒකමතිව ගත් මෙම තීරණය නිවේදනය කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, කොමිසමේ සාමාජිකයින්ගේ අත්සනින් යුතු ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බවයි.