ප්‍රංශය කොවිඩ් 19 හමුවේ පනවා තිබූ ප්‍රතිපත්ති අද සිට ලිහිල් කරයි


කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග රට තුළ පනවා තිබූ සීමාවන් ලිහිල් කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කර තිබේ. ඒ අනුව අද (15) සිට එරට අවන්හල් විවෘත කළ හැකි අතර වෙනත් යුරෝපීය රටවලට යාමට ද අවසර ලබාදීමට නියමිතය. යුරෝපයේ තවත් රටවල් ගණනාවක් සිය දේශසීමා නැවත විවෘත කිරීමට ගත් තීරණයත් සමග ප්‍රංශය ද සිය දේශසීමා විවෘත කිරීමට තීරණය කර තිබේ. 

ප්‍රංශය සිය ‘පළමු ජයග්‍රහණය‘ ලබාගත්ත ද කොවිඩ් 19 වෛරසය නැවත පැතිරෙනු ඇති බවට ද මැක්‍රොන් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් අනතුරු ඇඟවූවේය.