ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (2) නිකුත්විය.
2015 අගෝස්තු මස 17 වැනිදා පැවැත්වු පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත්වු මන්ත්‍රීවරුන් සමග 2015 සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ කළ 8 වැනි පාර්ලිමේන්තුවේ පස්අවුරුදු කාල සීමාව මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබේ.
නමුත්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව රැස්වී වසර හතර හමාරකට පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.
ඒඅනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය.
ගැසට් නිවේදනය අනුව මන්ත්‍රීවරුන් පත්කර ගැනීම සදහා මහමැතිවරණය අප්‍රේල් 25 වන දිනය නියම කර තිබේ.
ඒඅනුව මාර්තු මස 12වන දින සිට මාර්තු මස 19 වන දින දහවල්ද 12 දක්වා මැතිවරණය සදහා නාමයෝජනා කාලසීමාව ලෙස නම්කර තිබේ.
තවද නැවත අභිනව පාර්ලිමේන්තුව මැයි මස 14 වන දින රැස්වන බවද අදාල ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
Post a Comment