පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කොට ඇති කාලය තුළ ආගමික ස්ථානවල දේශපාලන රැස්විම් පැවැත්වීමට හා ආගමික උත්සවවල දී ඡන්ද අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කිරීම සම්පුර්ණයෙන් ම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වැනි වගන්තියේ දැක්වෙන අයුතු බලපැම් යන ඡේදය යටතේ මෙම කටයුතු තහනම් වන බව ඔහු අද (3) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේය.
ආගමික ස්ථානවල පැවැත්වෙන ආශීර්වාද පූජාවන්, යාඥාවන් හා දේව මෙහෙයන් හිදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු තහනම් වුවද භික්ෂුන් වහන්සේලාට, පූජකවරුන්ට, මව්ලවිවරුන්ට හා කුරුක්කල්වරුන්ට දේශපාලන අයිතිය තිබෙන බැවින් දේශපාලන කටයුතුවල යෙදීමට ඔවුන්ට බාධාවක් නැති බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Post a Comment