ලෝක ආහාර වැඩසටහන සහ S4IG මෙරට ජනතාවගේ පෝෂණය නංවාලීමට


එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන අන්තර්කරණයවූ සංවර්ධනයක් සඳහා කුසලතා වැඩසටහන (S4IG) ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිත ආහාර ප්‍රවර්ධනය කිරිම සඳහා එකට එක්වී ක්‍රියාකාරීමට ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙහි වැදගත් අංගයක් වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරගකාරී ඉවුම් පිහුම් වැඩසටහනක් වන සුප්‍රීම් චෙෆ්  සමගින් සහයෝගයෙන් ක්‍රියාකිරීමයි.  

පෝෂ්‍යදායී ආහාර සහ සෞඛ්‍යමත් ජීවන රටාවක් පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබාදීමටත් ඒ සම්බන්ධයෙන් ජාතික කතිකාවක් ආරම්භ කිරීමටත්  මෙම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන  සමගින් එක්වී කටයුතු කිරීමට හැකිවීම පිළිබඳ අපි මහත් සතුටට පත්වී සිටිනවා” යැයි ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා බ්‍රෙන්ඩා බාර්ටන් පැවසුවාය. මෙම වැඩසටහන ප්‍රතිපත්ති සම්පාදකයින්, ජනප්‍රිය පුද්ගලයින්,  ව්‍යාපාරිකයින් සහ බිම් මට්ටමේ ප්‍රජාව ඇතුළත්ව මහජනතාව මෙම වෙනස ඇති කිරීමේ ගාමක බලවේගය වශයෙන් යොදාගැනීමට කදිම පසුබිමක් සකස්කරනු ඇතැයි ඇය සඳහන් කළාය. 

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් යම් ආකාරයක දුර්වල පෝෂණ තත්වයක පසුවේ. එසේම දරුණු මන්දපෝෂණය සම්බන්ධයෙන් ඉතා ඉහළ අනුපාතිකයන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවේ.  වයස අවුරුදු පහට අඩු ළමුන් සම්බන්ධයෙන්  මෙය ක්ෂයවීම හෝ කෘෂවීම යන ස්වරුපයන්ගෙන් පවතින අතර මේ සම්බන්ධ සංඛ්‍යාලේඛන පසුගිය දශකය ඇතුළත නොවෙනස්ව පවතී. මේ සමගින්ම අධි පෝෂණ තත්වයන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ප්‍රජනන වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන්ගෙන් 45% ක් නියමිත ප්‍රමාණයට වඩා වැඩි බරකින් යුක්ත වීම හෝ ස්ථුලතාවයෙන් පෙළේ.    

මෙම ජනප්‍රිය රුපවාහිනී වැඩසටහන මගින් ලෝක ආහාර වැඩසටහනට සහ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ඇතුලු එහි පාර්ශවයන්ට පෝෂණය සම්බන්ධ ඉතාමත් වැදගත් තොරතුරු අවධානය දනවන සුලු හා විනෝදාශ්වාදයකින් යුතුව ජනතාවට ලබාදෙමින් සමාජ හැසිරීම් වෙනස් කිරීමේ ප්‍රවර්ධන ව්‍යාපාරයකට ඵලදායී ලෙස සම්බන්ධවීමට හැකිවේ. 2020 වසරේ අප්‍රියෙල් මාසයේ අගභාගයේ ආරම්භ වන මෙම වැඩසටහන කොටස් 18 කින් සමන්විත වන අතර ජාතික මට්මමේ විශාලතම රුපවාහිනී ජාලයක් වන සිරස රුපවාහිනිය සහ ශක්ති රුපවාහිනිය ඔස්සේ විකාශය වේ.

මෙම රුපවාහිනී වැඩසටහන් සමගින්ම ලෝක ආහාර වැඩසටහන ජනතාව අතර පෝෂණය සහ සෞඛ්‍ය සවිබලගැන්වීමේ පණිවිඩ විවිධ මාධ්‍යයන් ඔස්සේ විශේෂ ප්‍රවර්ධන ව්‍යාපාරයක් ආරම්භකරනු ඇත.

 S4IG සහ ලෝක ආහාර වැඩසටහන සුප්‍රීම් චෙෆ් සමගින් මෙම නවෝත්පාදක පෝෂණ ප්‍රවර්ධන විශේෂ ව්‍යාපාරය දියත් කිරීමට හැකිවීම පිළිබඳව මහත් ප්‍රබෝධයට පත්වී සිටිමු. විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවන් මෙම වැඩසටහන නරඹන බැවින් ආහාර පිළියෙළ කිරීම පිළිබඳ කුසලතාවන් ඉගෙනගන්නා පුද්ගලයින් සහ මහජනතාව කාර්යක්ෂම අන්දමින් දැනුම්වත් කිරීමට මෙමගින් හැකිවනු  ඇතැයි” S4IG  කණ්ඩායම් නායක ඬේවිඞ් ඇබ්ලෙට් පැවසීය. 


මෙහිදී ධනාත්මක පෝෂණ භාවිතාවන් දිරිගැන්වීම පමණක් නොව ශ්‍රී ලාංකික තරුණයින්ගේ කුසලතා සංවර්ධනය කිරීම මගින් ඔවුන් සවිබලගන්වමින් නව රැකියා අවස්ථාවන් ලබාදීමද හැකිවන බැවින් මෙහි පාර්ශවයක් වී කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව S4IG සතුටට පත්වී සිටින බව ඔහු පැවසීය.  

ව්‍යාපාරික ආයතනවලට පෝෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් යුතුව වැඩකිරීම සඳහා වූ ගෝලීය වේදිකාවක් වන සන් බිස්නස් නෙට්වර්ක් SBN ව්‍යාපාරික ජාලය සමග වැඩකටයුතු සිදුකරමින් ලෝක ආහාර වැඩසටහන සේවා ස්ථානයේ සෞඛ්‍ය සහ පෝෂණයට ප්‍රමුඛත්වය ලබාදීම, සෞඛ්‍යමත් හා පෝෂණගුණයෙන් යුත් ආහාර නිෂ්පාදනය සහ සන්නිවේදනය හා උද්දේශනය මගින් මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙනු ලබයි. 

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ලෝකයේ විශාලතම මානුෂීය සේවා සපයන සංවිධානය වන අතර හදිසි අවස්ථාවන්හිදී  ජීවිත සුරකිමින්, සෞභාග්‍ය නංවාලමින්, ගැටුම් වලින් ආපදාවන්ගෙන් සහ කාලගුණය වෙනස්වීමේ බලපෑම් වලින් යථා තත්වයට පත්වී ජනතාවට තිරසර අනාගතයක් ලබාදීම සඳහා සහාය ලබාදේ.