පසුගියදා (16) හැටන්හි වෙල්ලායි ඔය වතුයායේ පැවති විශේෂ උත්සවයකදී නිවාස 50 කින් සමන්විත ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීම ඉන්දියාවේ වැඩබලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ්, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් සහ වැවිලි හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම නිවාස වතු කම්කරුවන් සඳහා වතුකර ප්‍රදේශවල ඉන්දියාව විසින් ඉදි කරනු ලබන නිවාස 14,000 ක ව්‍යාපෘතියේ කොටසකි.
හැටන් හි තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (ටීවීටීසී) නව ශ්‍රවණාගාරයක් හා බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහාද මුල්ගල් එදිනම තැන්පත් කරන ලදී. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමේ පියවරක් ලෙස ඉඳිකරනු ලබන මෙම නව ගොඩනැගිල්ල ඉන්දියානු රජයේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 199 ක ප්‍රදානයක් යටතේ ඉදි කරනු ලබයි. මීට සමගාමීව නව පාඨමාලා සඳහා යන්ත්‍රෝපකරණ සහ මෙවලම් සැපයීම, මධ්‍යස්ථානය සඳහා ගෘහ භාණ්ඩ හා වාහන සැපයීම ද සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා වෙළඳපොළට සරිලන නිපුණතා සහිත පුහුණු ශ්‍රමිකයින් ලෙස පුහුණු කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියානු රජය දරන උත්සාහය පිළිඹිබු කරයි.
මෙම ව්‍යාපෘතීන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ ජනතා කේන්ද්‍රී සංවර්ධන සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමකි. ඉන්දියාව ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ ලබා දී ඇති අතර ඒ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 560 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.
Post a Comment