රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් වන ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා දිවයින පුරා විසිරී සිටින සියළුම ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමට ප්රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මේ සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ හෝ 2020 වර්ෂයේ නිකුත් කරන ලද මාධ්‍යවේදී හැඳුනුම්පත ලබාගෙන ඇති ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් මෙම තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
ඒ සඳහා සකස්කරන ලද අයදුම් පත්‍රය ප්රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිස යොමු කිරීමට හැකියාව පවතී.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2020 මාර්තු මස 01 වන දිනට පෙර අධ්යක්ෂ (මාධ්‍ය, ප්රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, ‘‘ඇසි දිසි මැදුර’’, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට යොමුකළ යුතුවේ.
Post a Comment