ඇත්තටම කපලා වෙන් කළාට පස්සේ පණ නැති කොටසක් බවට පත් උනත් ඒ පණ නැති කොටස පවා එය විසින් ම නටන්න ගන්නවා. එය විසින් ම ක්‍රියාත්මක වෙනවා. එය විසින් ම ආශාවේ අවසානය සොයා යනවා.
මහේෂ් හපුගොඩ
එකමත් එක කුමාරිකාවකට මැජික් සපත්තු දෙකක් හම්බ වෙනවා. ගොඩක් ලස්සන නිසා එයා ඒක පැළඳ ගන්නවා. හැබැයි පැළඳ ගත්ත වෙලාවේ ඉඳන් එයාට නටන්න ආශා හිතෙනවා. ඒ නිසා එයාට ඒවා ගලවන්න හිත දෙන්නේ නැහැ. දැන් මෙයා පුරා දවසක්ම නටනවා දැකපු එයාගේ වටේ හිටපු අයට තේරෙනවා මෙයාට මැරෙනකම්ම නටන්න වෙනවා කියල. මොකද එයාගේ ආශාව විසින් දැන් එයා මරණය දක්වා ගෙනියන්න ලඟයි. එයත් දන්නේ නැහැ එයා මැරෙන්න ලඟයි කියල. අන්තිමට රජ වාසලේ වධකයා ඇවිල්ලා එයාගේ කකුල් දෙක කපලා තමයි මේ කුමරිය මරණෙන් බේරා ගන්නේ. හැබැයි කකුල් කෑලි දෙක විතරක් එක්කත් අර මැජික් සපත්තු දෙක නටන එක නම් නැවතුණේ නැහැ...
ජිජැක් කියනවා මෙතන වෙන්නේ ඇය නැතුව උනත් ඇයගේ මදය (core) ක්‍රියාත්මක වෙන එක කියල. ඒකට තමයි රැඩිකල් ආශාව කියල කියන්නේ. මේ තමයි 'ඇයට වඩා වැඩි දෙය' යනුවෙන් මනෝ විශ්ලේෂණයේ හැඳින්වෙන්නේ. කැපුවත් මැරෙන්නේ නැති මිනිස් නොවන මිනිස් දෙය කියලත් මේකට කියන්න පුළුවන්. මෙන්න මේ 'නො-මිනිස්' කොටස කාටවත් යටත් කරන්න බැහැ. ඇත්තට සටන් කරන කොට මේ 'නොමිනිස්' කෑල්ල අවශ්‍ය වෙනවා.
ඇත්තටම කපලා වෙන් කළාට පස්සේ පණ නැති කොටසක් බවට පත් උනත් ඒ පණ නැති කොටස පවා එය විසින් ම නටන්න ගන්නවා. එය විසින් ම ක්‍රියාත්මක වෙනවා. එය විසින් ම ආශාවේ අවසානය සොයා යනවා. ටොම් ඇන්ඩ් ජෙරී වගේ නැවත නැවත උත්ථානය වෙනවා. හිස කඳින් වෙන් කළාට පස්සෙත් සිරි සඟ බෝ රජ්ජුරුවන්ගේ හිස දුගියා වෙත යනවා. ස්වයංක්‍රීයව. ඒක භෞතිකවාදයට අහු වෙන්නේ නැහැ. හැබැයි මනෝ විශ්ලේෂණයට අහුවෙනවා.
මේක කොළඹ ඉන්න බුර්ෂුවා කතානායක ලොක්කාට තේරෙන්නේ නැති නිසා 'කුණුහරප' වෙනුවට 'අසභ්‍ය' කියල රන්ජන්ට ඉඳගන්න කියනවා. රන්ජන් මොකක්දෝ පැහැදිලි කරන්න හදනවා හොරු ගැන. හැබැයි ඔක්කොම එයාගේ මැජික් සපත්තුවේ හිර වෙනවා. එයාගේ කකුල් කපල දානවා පක්ෂය විසින්. ඒත් මැජික් කකුල් ඇවිදින්න ගන්නවා. දැන් තියෙන්නේ හැමෝටම මැජික් එකක්.
රන්ජන් ගේ ආශා ගැටයෙන් මිදිලා අපිට එයා පෙන්නන දේශපාලනයේ අඳුරු අගාධය දකින්න බැහැ. එයා ඉල්ලන්නේ ඒක. මගේ ආශාවේ ඔයාලා හිරවෙන්න එපා කියන එක. ඇඟිල්ල නෙවෙයි හඳ දිහා බලපල්ලා කියන එක. හැබැයි හොරු වෙනුවට රන්ජන් දැක්ක ගමන් අපේ හිතට එන්නේ අම්මෝ මෙයා අර කට්ටිය එක්ක මොන තරම් ආතල් එකක් ගන්න ඇත්ද කියන පරිකල්පනය. මැජික් එක. අපේම ආශාව. එතැනින් එහාට යන්න අපි දන්නේ නැහැ. ෆැන්ටසි එක තරණය කරන්න බැහැ කියන්නේ ඒකට...
Post a Comment