''තමුන්නාන්සේලාගේ ආරක්ෂක ලේකම් පිස්සෙක්'' - මංගල


වත්මන් ආරක්ෂක ලේකම්වරයා ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව මෙරට ආර්ථික සංවර්ධනයට ඇති ප්‍රධානතම බාධාව යැයි පාසල් ළමුන්ට කියාදෙන මානසික උන්මත්තකයෙකු බව අද (20) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මංගල සමරවීර පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

‘‘2014 දී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙද්දියි අපි ආණ්ඩුව භාරගත්තේ. ආණ්ඩුව ලබාගත්ත ගමන් මං ජිනීවා වලට ගිහිං කිව්වේ, අපි කැමති නෑ අපේ රටේ වෙච්ච සිද්ධි ගැන ජාත්‍යන්තර පරීක්ෂණ වලට. අපේ රට තුළ ඒ පරීක්ෂණ කරන්නම්. අපේ රට තුළ සංහිඳියා ක්‍රියාවලිය ඇතිකරගන්නම් කියලා. මොන මොන බාධක තිබ්බත් මේ රටේ දෙමළ ජනතාවට යම් බලාපොරොත්තුවක් ලබාදෙමින්, අතුරුදහන්වුවන්ගේ කාර්යාලය, රෙපරේෂන්ස් යුනිට් එක සඳහා වූ පනත සම්මත කළා.

අන්තිමට මම නම් මේ දකින්නේ ඉතාමත්ම කුහක දේවල්. මේ පොඩි දේවල්, අන්තිමට, මේ රටේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් දෙමළ ජනතාවට කියන්න තියෙන අයිතියත් දැන් නැතිකරගෙන යනවා. මෙහෙම රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද ?, ඒ විතරක් නෙමෙයි, ගරු ඇමතිවරුත් දැනගන්න ඕන. තමුන්නාන්සේලාගේ ආරක්ෂක ලේකම් කියලා ඉන්න පුද්ගලයා මම කියනවා මානසික පිස්සෙක් කියලා. තරහවෙන්න එපා එහෙම කිව්වට.

මොකක්හරි ටෙලිවිෂන් එක්ක පෙන්නනවා, ඉස්කෝලේ ළමයින්ට දේශනාවක් දීලා කියනවා. මේ රටේ සංවර්ධනයට තියෙන ලොකුම බාධාව ප්‍රජාතන්ත්‍රවාදයයි, සංහිඳියාවයි කියලා.















 කියලා.
අපි මේ වැරදි දිශාවට යනවා කියලා සන්තෝෂ වෙන්න් බැහැ. මොකද වලේ වැටෙන කොට එකට වැටෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට හොඳ දේවල් අපි හොඳ කියමු.