පුනර්ජනනීය බලශක්තිය නංවන්න ඉන්දියාවේ සහය අඛණ්ඩව



වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස්තුමා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දියාවේ මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව කතා කරයි: බලශක්ති විකල්පයන් “ලබා ගත හැකි, දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි” විය හැකි ඒවා යුතුය.

ඊයේ (13) දින ටාජ් සමුද්‍රා හෝටලයේදී තුන්වන වරටත් පැවති පුනර්ජනනීය බලශක්ති වර්ධන සංසදයේ - ශ්‍රී ලංකා පරිච්ඡේදයේ දී වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දියාව අත් කරගෙන ඇති ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වීය.

වැඩ බලන මහ කොමසාරිස්තුමා සඳහන් කළේ වර්ෂ 2020 දී ඉන්දියාව ගිගාවොට් 100ක පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉක්මවා යාමට සියල්ල සපුරා ඇති  අතර වර්ෂ 2022 වන විට ගිගාවොට් 175 ක සුපිරිසිදු බලශක්ති ඉලක්කය කරා ළඟා වීමට සූදානම් බවයි. ඉන්දියාව මෑතකදී ලොව විශාලතම සූර්යබල උද්‍යානය කර්ණාටකහි ඉදිකිරීම  අවසන් කර ඇති බව එතුමා සඳහන් කළේය. හරිත බලශක්ති ප්‍රභවයන් සඳහා වන කැපවීම අවධාරණය කරමින්, එතුමා පැවසුවේ 2020-21 කාලය තුළ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අංශය සඳහා ඉන්දියානු රජය විසින් පසුගිය අයවැයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක් වෙන් කර ඇති බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සූර්යබල සන්ධානය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන IRENA වැනි වැදගත් සංවිධානයන්හි ආරම්භක සාමාජිකයන් වීම පිළිබඳව සිය සතුට පළ කළ ඔහු ශ්‍රී ලංකාවේ සූර්යබල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 100 ක සහනදායි ණය ලබා දී ඇති බවද  සිහිපත් කළේය. 


පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය ඇතුළු විවිධ විෂය ධාරාවන්හි තරුණ විද්වතුන්ට ලබා ගත හැකි ඉන්දියානු රජය විසින් පූර්ණ අරමුදල් සපයන පුහුණු වැඩසටහන් පිළිබඳවද එතුමා සඳහන් කළේය. ගුර්ගාවොන්හි ජාතික සූර්ය බලශක්ති ආයතනය, චෙන්නායි හි ජාතික සුළං බලශක්ති ආයතනය, රාජස්ථාන් හි බෙයාර්ෆූට් විද්‍යාලය ආදි වශයෙන් මෙම ආයතන ඉන්දියාව පුරා පිහිටා ඇත. මෙම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස එතුමා ශ්‍රී ලාංකික විශේෂඥයින්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. වෙනස් වෙමින් පවතින පශ්චාත් සහස්‍ර බලශක්ති සුරක්ෂිතතාවයේදී ඉන්දියාවට බලශක්ති සුරක්ෂිතතාවය සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන යන කාරණා දෙක සඳහා ශ්‍රී ලංකාවට හවුල්කරුවෙකු විය හැකි බව එතුමා අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්ති වර්ධන සංසදය ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සහය ඇතිව ඉන්ෆෝමා මාර්කට්ස් විසින් සංවිධානය කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මෙම අවස්ථාවට  ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී  විය. එසේම ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල  ක්ෂේත්‍රයේ නිපුණයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.