GSP+ ඉබේ හිමිනොවන බව යුරෝපා සංගමය පවසයි


GSP+  ඉබේ හිමිවන්නක් නොවන බවත් එය පිරිනැමීමේදී යහපාලනය මෙන්ම මානව හා කම්කරු හිමිකම් ද සලකා බලන බව යුරෝපා සංගමය පවසයි. 

මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් යුරෝපා සංගමය පවසන්නේ, ‘‘GSP+ පිරිනමන්නේ මානව සහ කම්කරු හිමිකම්, පරිසර සහ යහපාලනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අඛණ්ඩව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙනි. යුරෝපා සංගමය එම සාධක ක්‍රියාත්මක වන්නේ ද යන්න සමීපව අධීක්ෂණය කරයි‘‘ යන්නයි.