'තරණ සීගිරි' ඔපෙරාව හෙට ‘ශනිදා ආයුබෝවන්‘ තුළින්


සාගර සුරේෂ් විජේසිංහගේ නිර්මාණ කාර්යයක් වන ‘‘තරණ සීගිරි‘‘ ඔපෙරාව ගැන කෙරෙන ‘ශනිදා ආයුබෝවන්‘ වැඩසටහන හෙට (25) උදෑසන 8. 30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. 

විශේෂයෙන්ම, ස්වභාවික පරිසරය ඇසුරු කරගනිමින් පර්යේෂණාත්මක සංගීත කාර්යයේ නියැලෙන සාගර සුරේෂ් විජේසිංහ පසුගියදා (ජනවාරි 1) පාහියංගල විභාරභූමියේ දී ද ‘බෙයන්ද් මියැසිය‘ නමින් නවතම අත්හදාබැලීමක් ද සිදුකළේය. 

හෙට දිනයේදී විකාශය වීමට නියමිත ‘ශනිදා ආයුබෝවන්‘ වැඩසටහන තුළින් ‘‘තරණ සීගිරි‘‘ ඔපෙරාව, එය නිර්මාණය වීමේ පසුබිම මෙන්ම සම්බන්ධ වී සිටින නිර්මාණ ශිල්පීන් සමග හරවත් සංවාදයක් ඇතිවනු ඇත. 


 





සබැඳි පුවත්

‘‘බෙයන්ද් මියැසිය‘‘ හෙට පාහිංයගල ලෙනේ දී