අගමැති අපේක්ෂකත්වය සජිත්ට


ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණදීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතීත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (30) තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය ඇතිව පොදු සන්ධානයේ මහලේකම්වරයා නම් කිරීමේ බලය ද සජිත් ප්‍රේමදාසට පැවරුණු බවයි.