‘‘සුනාමි‘‘ චිත්‍රපටය අධිකරණයට


ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ, මේ දිනවල සුවිශාල රසික ආකර්ශණය ලබාගනිමින් තිරගත වන, “සුනාමි” චිත්‍රපටයට හා එහි නිර්මාණ ශිල්පීන්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන පිරිසකට එරෙහිව, නිර්මාණශිල්පීන් විසින් ගොනු කළ අධිකරණ කටයුත්තක් විමසා බැලූ ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු චන්දිමා ප්‍රභා කුමාරි දෑල මැතිනිය විත්තිකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.


2020 පෙබරවාරි මස 10 වන දිනදී මෙම නඩුව ගල්කිස්ස දිසා අධිකරණයේදී විභාගයට නියමිතය.

ජනවාරි 27 වන දින ගල්කිස්ස දිසා අධිකරණය මගින් නිකුත් කරන ලද වාරණ නියෝගයේ පිටපතක් පහත දැක්වේ.