චීනයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න - අමතන්න


චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ව මෙරට සිටින ඔවුන්ගේ දෙමාපියන් ට සහ නෑදෑයින් ට සම්බන්ධ කර ගැනීමට සහ අවශ්‍ය ආධාර කඩිනමින් ලබා දීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

ඒ සඳහා ක්‍රියාත්මක 086-10-65321861 / 2 යන හදිසි ඇමතුම් දුරකථන අංකයට ඇමතීමෙන් මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

ඒ අනුව, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ ඥාතීන් පිළිබඳ විමසීම් සඳහා පහත සඳහන් නියෝජිත නිළධාරීන් සම්බන්ධ කර ගත හැකිය. ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

ඇලෙක්සි ගුණසේකර - 0086 13070138025
බ්‍රිගේඩියර්. කල්ප සංජීව - 0086 13051733302
ඉනෝකා වීරසිංහ - 0086 15116905523
තිලිනි ගුණරත්න - 0086 13121722296

ෂැංහයි, අන්හුයි, ෂෙජියැන්ග්, ජියැන්ග්සු සහ හුනාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 0086 159 0094 6639 ඇමතීම මඟින් හෝ ෂැංහයි හි කොන්සල් ජෙනරාල් මනෝරි මල්ලිකාරච්චි 0086 13472771702 මඟින් හෝ ගීතා පෙරේරා 0086 13472771702 මඟින් ඇමතීමෙන් සිදු කළ හැකිය.

එමෙන්ම, ගුවැංඩොං, ෆුජියන්, හයිනාන්, ගුවාංසි, ජියැන්ග්සි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු සඳහා 0086 13902301874 ඇමතීම මඟින් හෝ ගුවැන්ෂු හි කොන්සල් ජනරාල් ප්‍රියංකා ධර්මසේන 0086 18814134670 ඇමතීම මඟින් හෝ යූ.කේ.ජී.රෝෂිනි ඇමතීම මඟින් සිදු කළ හැකිය.

මේ අතර චීනයෙන් පමණක් නොව තවත් රටවල් කිහිපයකින් ද මෙම වෛරසය අසාදිත පුද්ගලයින් පිළිබඳ ව ද වාර්තා වී ඇති බැවින් හදිසි අවශ්‍යතාවයන් සඳහා චීනය වෙත විදෙස් ගත වන පුද්ගලයින් ඉතාමත් විමසිලිමත් වීම වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණර්ධන අවධාරණය කර සිටි.