‘වූහන්‘ නගරයට ආධාර පතා චීන අලුත් අවුරුදු ප්‍රසංගය දියත් වේ


2020 සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු ප්‍රාසාංගික සංදර්ශනය24 වැනිදා රාත්‍රීයේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. 

5ජී, ඩ්‍රෝන යානා යනාදී නව තාක්ෂණ හා මෙවලම් භාවිත කොට නිර්මාණය කෙරුණු ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත විද්‍යාත්මක හා සංස්කෘතික සාධක මිශ්‍ර වූ දෘෂ්‍යමය හා ශ්‍රව්‍යමය සංදර්ශනයක් මෙහිදී ඉදිරිපත් විය.

විනාඩි 260 ක කාලයක් පුරා පැවති මෙම ප්‍රාසාංගික සංදර්ශනය චීන මාධ්‍ය සමූහයේ නිෂ්පාදනයකි.  

නැටුම් ගැයුම්, මැජික්, කරණම්, නාට්‍ය යනාදී විශේෂාංග මීට ඇතුළත් විය. 

මෑතදී මතු ව ඇති නව වර්ගයේ කොරොනා වෛරස් වසංගතය නිවාරණය කිරීම තේමා කොට ගෙන නිර්මාණය කෙරුණු අලුත්ම විශේෂාංගයක් මගින් එම වසංගත තත්ත්වය වැඩියෙන් වාර්තා වන වුහන් නගරයට අනුබලය දැක්වීම මෙම වසරේ චීන වසන්ත උත්සවයේ ප්‍රාසාංගික සංදර්ශනයේ විශේෂත්වයකි.