එම්.සී.සී ගිවිසුම ගැන මහජන අදහස් දැක්වීමට අවස්ථාව හිමිවේ


එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් එහි අන්තර්ගතය හා එහි තිබිය හැකි බලපෑම් සම්බන්ධයෙන් යම් ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් හා උදහස්, තොරතුරු, ඇගයීම් හෝ යෝජනා විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවී තිබේ. 

එළඹෙන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සභාපති, එම්.සී.සී. ගිවිසුම අධ්‍යනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ 03 ලිපිනයට තැපැල් මගින් හෝ mccreview@pmoffice.gov.lk යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් මගින් හෝ අදහස් දැක්වීමේ අවස්ථාව ඇත. 

ඉදිරිපත් කරන අදහස් හෝ යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේ අවශ්‍යතාවයක් ඇතැයි කමිටුව තීරණය කරන්නේ නම් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමේ අවස්ථාවක් ලබාදීමට ද තීරණය කර තිබේ. 

එම නිසා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නන්ගේ හෝ ආයතන වල සම්බන්ධීකරණ දුරකතන අංක, තැපැල් ලිපිනය, විද්‍යුත් ලිපිනය සඳහන් කර එවන ලෙස ද කමිටුව ඉල්ලා සිටියි.