චීන ජනපති 2020 වෙනුවෙන් සුභාශිංසන පිරිනමයි



2019 වසරේදී සිදුකළ කැපවීමෙන් සරුසාර ප්‍රතිඵල දිනා ගැනීමට හැකිවූ බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි. චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 100ක් මෙන්ම ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ඇ.ඩො. දස දහස අභිබවනු ඇතැයි තක්සේරු කෙරේ. අවදානම් අවම කිරීම, දිළිඳුකම තුරන් කිරීම, නිල්වන් අහස ආරක්ෂා කිරීම පිළිබඳ විශාල ජාතික මෙහෙයුම් තුනේදී වැදගත් ප්‍රගතීන් දිනා ගැනීමට හැකිවූ බවද චීන ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි. චීනයේ කෝරළ 340ක් මෙන්ම ජනගහනය කෝටියක් පමණ දිළිඳුකමෙන් මුදා ගෙන ඇත.

වසර 2019 චීනය අඛණ්ඩව විවෘතභාවය ඉදිරියට මෙහෙයවූ වසරකි. දෙවැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව, බෙයිජිං ලෝක උයන් ප්‍රදර්ශනය, ආසියානු ශිෂ්ටාචාර සංවාදය මෙන්ම දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වුණේ චීනයේ සත්කාරකත්වයෙනි.

ශිෂ්ටාචාරත්මක හා විවෘත චීනයක් එමගින් ලෝකයට විදහා පෑවේය. 2020 වර්ෂය සංධිස්ථාන වර්ෂයකි. සුවපහසු සමාජයක් ගොඩනැගීමේ ඉලක්කය ඉටු කෙරෙන්නේ මෙම වසර තුළදීයි. දිළිඳුකම තුරන් කිරීමේ සටනට තීරණාත්මක වර්ෂය ද මෙම වසරයි.

 චීනය ස්ථිර ලෙස සාමකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කරන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.