ඉසෙඩ් ලකුණු අහෝසියි - ජාතික පාසල් 1000 ට වැඩි කෙරේ


Z- Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමට දැනට භාවිත කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම්ය. මේ සඳහා අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුතු විශේෂඥ කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා (10) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 

එමෙන්ම, ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් ලෙස වර්ධනය කිරීමට හා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ත්‍රෛභාෂා පාසල් පිහිටුවීමට ද යෝජනා කර තිබේ.