මහාචාර්‍ය සුනන්ද මද්දුම බණ්ඩාර - තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට



මහාචාර්‍ය සුනන්ද මද්දුම බණ්ඩාර තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස අමාත්‍යංශයේදී අද (12) පෙරවරුවේ වැඩ භාර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් මෙන්ම නව ලේකම්වරයා වෙත සුබපැතීම සඳහා ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ