''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට ගරහන්න එපා'' - රංජිත්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම අතිශය වැරදි ක්‍රියාවක් බවත් ඔවුන් දේශපාලන පලිගැනීම් සිදුකර ඇත්නම් ඒ ගැන නිසිලෙස සොයාබැලිය යුතු බවත් අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වාදුන්නේ, 


''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිටරට යෑම තහනම් කරන්න කටයුතු කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම් කවදාවත් ප්‍රසිද්ධියට පත්කරන්නේ නෑ. මේ අය චෝදනා කළා හමුදා බුද්ධි අංශ වලට. අද ඒ දේම ලැබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාම ලේඛනය එළියට දාලා තියෙනවා. 

අවුරුදු 30 යුද්ධ කාලේ යුද පිටියට ගිහිල්ලා සටන් කරපු  අය තමයි මේකේ ඉන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම් පැමිණිල්ලක් කරාම පරීක්ෂා කරනවා.

අද ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයින්ගේ පරීක්ෂණ කළා. අපි කියන්නේ වැරැද්දක් වෙලා තියෙනවා නම් සාධාරණ පරීක්ෂණයක් කරලා නිවැරදි ක්‍රියාමාර්ග ගන්න කියලා. 
එහෙම නෙමෙයි අද ඒකාධිපති විදියට, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ගැරහුමට ලක්කරලා තියෙනවා.''