''පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයක් ගන්නවා'' - කථානායක



අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරන කථානායක කරු ජයසූූරිය පෙන්වා දෙන්නේ, මේ වනවිට විකල්ප ක්‍රියාමාර්ග කීපයක් ගැන සිය අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ සතිය තුළදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයක එළඹීමට නියමිත බවත් දක්වයි.

කථානායකවරයා යෝජනා කරන විකල්ප ක්‍රියාමාර්ග

1. ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු 1 දින පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා 
අවකාශය සැලසීම

2. මන්ත්‍රීවරු විසින් ස්වෛච්ඡාවෙන් 3/2 බහුතරය ලබාදී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමුවීම 

3. අගමැතිවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව නව ජනාධිපතිවරයාට මහ මැතිවරණයකට එළඹෙන තුරු 
භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ඉඩ සැලසීම