‘‘සජිත් - පැරදුණේ ඔබ නොවේ‘‘ - කමල් අද්දර ආරච්චි


ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගැනීමත් සමග ඊයේ (17) සිය මුහුණු පොතේ සටහනක් තැබූ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි, සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සටහනක් ගොනුකර තිබුණි. මෙහිදී ඔහු අවධාරණය කර සිටියේ පැරදුණේ සජිත් ප්‍රේමදාස නොව අදූරදර්ශී එක්සත් ජාතික පක්ෂය බවයි. 

එම සටහන, 

හිතාදර සජිත්,

මා හට අන් කවර කලෙකවත් නොදැණුනු ලෙසින් ඔබ පිළිඹඳව දැනෙන්නට පටන් ගෙන ඇත්තේ ඔබ තුල ජීවත්වන පුළුල් දර්ශනයකින් හා අවබෝධයකින් පරිණතවූ මානවහිතවාදී සොඳුරු මිනිසෙකු මේ ජනාධිපතිවරණය තුලින් ඔබට පෙන්වීමට හැකිවූ බැවිනි. ඇත්තෙන්ම එය මුළු මහත් ජනතාවම නිසැකවම පිළිගනු ඇතැයි මාගේ ප්‍රාර්ථනයයි! පැරදුනේ ඔබ නොවේ! රටේ ජනතාව ඒ පැරදවූයේ අත්තනෝමතිකව ඉතාමත් අදූරදර්ශී වූත් අසාර්ථක වූත් දුර්වල වූත් පාලන සමයක් හෙබවූ ජනතා විශ්වාසය බිඳගත් එම එක්සත් ජාතික පක්ෂයයි! ඉන් සිදුවූයේ ඔවුන් මේසා කළ හානියට ඔබට වන්දි ගෙවීමට සිදුවීමයි! එනමුදු, මෙතැන් සිට ඔබට ඇත්තේ නව ඇරඹුමකි! සිහි නුවණින් බුද්ධිමත්ව, සුපිරිසිදු අරමුණකින් කටයුතු කළ හැකි, තෝරා ගත් දක්ෂයින් පිරිසක් සමග සාර්ථක ඉදිරි ගමනකි! එයට හැකියාව, ශක්තිය, ධෛර්‍ය්ය, පිරිස් බලය ඔබට ලැබේවා! බුදු සරණින් ඔබේ පැතුම් සථල වේවා! සුවයෙන්, සතුටෙන්, ජයෙන් පිරි වාසනාවන්ත දිගු දිවියකට ඔබටත් ඔබේ පවුලේ සැමටත් ආසිරි වේවා!

මා හිතවත්,

කමල් අද්දරආරච්චි.