‘‘ශ්‍රීලනිපය රැකගැනීමට තිබෙන එකම විකල්පය මෙයයි‘‘ - චන්ද්‍රිකා


හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද (4) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ මේ වනවිට තමන් තෝරාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ හැකි එකම විකල්පය බවයි.

2015 ජනාධිපතිවරණයෙන් මෙන්ම මහා මැතිවරණයෙන් ද පරාජයට පත්වන්නට තිබූ ශ්‍රීලනිපය මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සියළු දෙනාගේ දායකත්වයෙන් බේරාගෙන ආණ්ඩුවෙන් ලබාගත හැකි ප්‍රයෝජන පාක්ෂිකයින්ට ලබාදෙමින්, පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට තිබෙන එකම මග තමන් තෝරාගෙන ඇති බව ඇය වැඩිදුරටත් පවසයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධානගත වී ඇති බව තමන් මාධ්‍ය මගින් දැනගත් බවත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැඳවා මේ ගැන තීරණයක් ගෙන නැති බවත්, 2018 වසරේ ජූලි මස සිට මධ්‍යම කාරක සභා රැස්වීම් දැනුම් දී නැති බවත් ඇය මෙහිදී අවධාරණය කර සිටියි. 


අදාළ ලිපිය,