''කලින් කී කොන්දේසි 13, මේ තීරණයට හේතුවක් වුණේ නෑ'' - සුමන්තිරන්




දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහය ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමේදී දමිළ දේශපාලන පක්ෂ කලින් යෝජනා කළ කොන්දේසි 13 කිසිසේත්ම අදාළ නොවූ බවත් අඩු තරමින් මේ ගැන සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා නොකළ බවත් ටී. එන්. ඒ. මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් අද (3) වවුනියාවේදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.


ඔහු ඒ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ,


‘‘අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැලකුවේ නෑ.‘‘  යන්නයි.