හත් වැනි විධායක ජනපති ගෝඨාභය


ශ්‍රී ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (17) දින ජනතා තීන්දුවෙන් තේරී පත් විය.

ඊයේ දින (16) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදු කෙරිණි. මෙවර පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගනු ලබන්නේ, ඡන්ද 692,4255ක් ලබාගනිමිනි. එහි ප්‍රතිශතය වන්නේ, සියයට 52.25%කි.

එමෙන් ම මෙම ජනාධිපතිධූරයට තරඟ වැදීමට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් විය. මැතිවරණ ප්‍රතිඵල අනුව දෙවැනි තැනට ඡන්ද ලබාගනු ලබන්නේ, ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කළ සජිත් ප්‍රේමදාසය. ඔහු  ඡන්ද 556,4239ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය වන්නේ,44.99%කි.


ඒ අනුව ශ්‍රී ලංකාවේ පත් වූ හත්වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද (17) රාජගිරිය, පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැති විශේෂ රැවීමේ දී නිලවශයෙන් ප්‍රකාශ කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේදී රුවන්වැලිසෑය අභියස දී ජනපති ලෙස දිවුරුම්දීමට සූදානම් බවට තොරතුරු වාර්තා වේ.