'වෙන පක්ෂයක් හදාගෙන යන්න සර්' - සජිත්ට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස තමන්ට සහය දුන් පාක්ෂිකයින් මුණගැසීමේ අවස්ථාව මේ වනවිට වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී සිදුවෙමින් පවතියි. 

මෙහිදී සජිත් ප්‍රේමදාසට ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර හිමිවෙමින් පවතින අතර ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ නැවත වරක් තමන්ව නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසයි.

'ඔබ තමයි අපේ ජනාධිපතිතුමා' 

'වෙන පක්ෂයක් හදාගෙන යන්න සර්' 

'කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටියාට ස්තුතියි'

'මාස හතරෙන් අපි ආණ්ඩුවක් හදනවා' 

'පක්ෂ නායකත්වය ඔබතුමා ගන්න'  

'අනේ, සර් රනිල්ව අයින් කරන්න. එක්කෙනෙක් වත් ඡන්දේ දෙන්නේ නෑ ඔය මනුස්සයට'  යන ප්‍රකාශ පැමිණ සිටින ජනතාව පවසන අයුරු නිරීක්ෂණය වේ.