තන්තිරිමලේදී මුස්ලිම් ඡන්ද දායකයින් රැගත් බසයකට වෙඩි



ජනාධිපතිවරණය ආරම්භ වීමට පැය කීපයකට පෙර මුස්ලිම් ඡන්ද දායකයින් රැගත් බස් රථයකට වෙඩි තැබීමක් සිදුව තිබෙන බව ඉන්දීය NDTV නාලිකාව අද (16) වාර්තා කර තිබේ.  

තුවාල ලැබූවන් ගැන මෙතෙක් වාර්තා වී නොතිබුණ ද ප්‍රභාර එල්ල කළ පිරිස ටයර් පුළුස්සා මාර්ගයේ තාවකාලික මාර්ග බාධක සකස් කර වාහන 100කට අධික ප්‍රමාණයක් අවහිර කළ බව තන්තිරිමලේ  පොලිසීයේ නිළධාරියෙක් පැවසූ බව එම පුවතින් දක්වා තිබේ. 

‘‘තුවක්කුකරුවන් පිරිසක් වෙඩි හා ගල්මුල් ප්‍රහාර එල්ල කළා. අවම වශයෙන් බස් දෙකකට ප්‍රහාර එල්ල වී තිබුණත් තුවාලකරුවන් ගැන වාර්තාවන්නේ නැහැ‘‘

මේ ගැන ශ්‍රී ලංකා ගාර්ඩියන් තන්තිරිමලේ පොලීසියෙන් සිදුකළ විමසීමේදී එහි පොලිස් නිළධාරියෙකු පැහැදිලි කළේ කුරුණෑගල ඩිපෝවේ බස් රථ වලට මෙලෙස ප්‍රහාරයක් එල්ල වී තිබුණ ද මේ ගැන විමර්ශන කටයුතු සිදුවෙන බවත් එහි තත්ත්වය සාමකාමී බවත්ය.