ඉන්ටග්‍රිටි අයිකන් 2019 සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ


අවංක රාජ්‍ය නිලධාරීන් හට කිර්තිය හා ප්‍රණාමය පුද කිරීම පිණිස ක්‍රියාත්මක කරන ඉන්ටග්‍රිටි අයිකන් 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා තෝරා ගැනීම උදෙසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, එස් එම් එස් මගින් මනාපය ප්‍රකාශ කිරීමේ අවකාශය අද විවෘත කරනු ලැබුවා. අවසන් වටයට තේරී පත් වූ පස් දෙනාගේ චරිතාපදානයන් සහ ඔවුන්ගේ කාර්ය භාරයයන් විස්තර කෙරෙන වීඩියෝ IntegrityIcon.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නැරඹිය හැකියි. 

ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් අවන්කත්වයෙන් යුතුව ජනතාවට සේවය සලසන රාජ්‍ය නිලධාරීන් හදුනා ගැනීමයි. මෙම වසරේ ජුනි සිට අගෝස්තු දක්වා වූ නාම යෝජනා බාරදීමේ කාල පරිච්චේදය තුල ඉන්ටග්‍රිටි අයිකන් 2019 වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි සියයකට අධික නාම යෝජනා ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම නාම යෝජනා පස් දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් මඟින් ඉතාමත් තියුණු ආකාරයෙන් සමාලෝචනයකට ලක් කෙරුණු අතර ඉන්පසු පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් අවසන් පස් දෙනා තෝරා ගැනුණි. 

විශ්‍රාමික අතිරේක විගණකාධිපති හා ජාතික ඉන්ටග්‍රිටි ප්‍රණාම ජයග්‍රාහක ලලිත් අඹන්වෙල, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ මාර්ගා ආයතනයෙහි සභාපති අසෝක ගුණවර්ධන, ජාතික පුවත්පත් කිහිපයකම හිටපු ප්‍රධාන කතෘ සුන්දර නිහතමානී ද මැල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්. එස් තේවාගෞරි සහ සිවිල් සමාජ ක්‍රියාධර නීතිඥ මයිත්‍රී රාජසිංහම් ඇතුළු පිරිසෙන් මෙම විනිශ්චය මණ්ඩලය සමන්විත විය. 

ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහනේ ඇති ප්‍රධානතම අංගය වන්නේ නාමයෝජනා කාල පරිච්චේදයේ සිට ඉන්ටග්‍රිටි අයිකන් 2019 ජයග්‍රාහකයා තෝරා ගැනීම දක්වා ඇති මහජන සහභාගිත්වයයි. මහජනතාවට දැන් ඔවුන්ගේ ප්‍රියතම රාජ්‍ය නිලධාරියා හට එස්.එම්.එස් මගින් මනාපය ප්‍රකශ කිරීමේ හැකියාව පවතී. "ICON <SPACE> අපේක්ෂකයාගේ අංකය" ටයිප් කර  011 588 26 26 අංකයට කෙටි පණිවුඩය යොමු කරන්න. 

අවසන් වටයට  තෝරා පත් වූ 5 දෙනා

ඒ.එම්.ඒ.එස්.අමරසිංහ - ශ්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහකාර අධිකාරිවරයා ලෙස කාර්යාංශය විසින් සිදු කරන ලද සාර්ථක වැටලීම් වලදී සහ නඩු පැවරීම් වලදී සුවිශේෂී කාර්ය භාර්යයක් ඉටු කර ඇත. රේගු දෙපාර්තුමේන්තුව රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතනයක් ලෙස හඳුන්වා දෙන අතර, මෙම ආදායම පොදු සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත යුතුය යන විශ්වාසයට කැප වී සිටී. 



ඔහු සිය වෘත්තීය කාලය පුරාවටම දේශපාලනමය පීඩනයන්ගෙන්  සහ ප්‍රබල ව්‍යාපාරික බලපෑම්වලින් එනු ලබන අභියෝගයන්ට මුහුණ දෙමින්, සිය රාජකාරිය අවංකව සහ සුපිලිපන්නභාවයෙන් යුතුව ඉටු කිරීමට සමත්ව ඇත. 

ICON<SPACE>1 යොදා 011 588 26 26 අංකයට එවන්න














බී.කේ.පී.චන්ද්‍රකීර්ති - වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්, දෙපාර්තුමේන්තුවේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කිරීමට ඔහු මුලිකත්වය ගෙන කටයුතු කළේය.


සේවාදායකයින් සහ දෙපාර්තුමේන්තු නිළධාරීන් මුහුණට මුහුණ මුණ ගැසීම අල්ලස සඳහා අවකාශය නිර්මාණය කිරීමක් ලෙස හඳුනාගන්නා චන්ද්‍රකිර්ති ඔහු එවැනි අක්‍රමිකතා අවම කිරීම පිණිස ඔන්ලයින් හරහා බලපත්‍ර අනුමත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කල අතර එම ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරන ලදී.




සිය රාජ්‍ය සේවා කාලය පුරාම අවංකභාවය හා සුපිළිපන්නභාවය සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා දී තිබේ. 

ICON<SPACE>2 යොදා 011 588 26 26 අංකයට එවන්න





කේ. කුනනාදන් - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ දැඩි දුෂණ විරෝධී ස්ථාවරය, ලේකම් කාර්යාලයේ මහජන සේවය වැඩි දියුණු වීමට පුරෝගාමී වී ඇත. දුෂණයට එරෙහිව සටන් වැදීමේදී ඩිජිටල් තාක්ෂණයේ ඇති වැදගත්කම අවබෝධ කරගත් ඔහු, ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබන විවිධ කාර්යයන් සඳහා ඔන්ලයින්  ඉල්ලුම්පත්‍ර ක්‍රමයක් සහ අනුමැතිය  ලබා දීමේ ක්‍රමවේදයක් හදුන්වා දුන්නේය.



මීට අමතරව, දුෂණ චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද ඔහු පියවර ගන්නා ලදී. එමෙන්ම, වෙරුගල් ප්‍රදේශය තුල බොහෝ සමාජ සත්කාරයන් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහාද කුනනාදන් මහතා සිය දායකත්වය සපයා ඇත. 

ICON<SPACE>3 යොදා 011 588 26 26 අංකයට එවන්න








පී.ඒ.සී ප්‍රියදර්ශනී -  රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී පවතින දුෂණ හා අක්‍රමිකතා සාමාන්‍ය ජනතාව වාර්ෂිකව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මතුගම ශාන්ත මේරී විදුහලේ විදුහල්පතිනිය, එවැනි දුෂණ අවම කිරීමට සහ වැලක්වීමට විශේෂ ලකුණු ක්‍රමයක් සකස් කරනු ලැබුවාය. මෙම කුසලතාවය මත පදනම් වූ, බඳවා ගැනීමේ ක්‍රමය හේතුවෙන් ඇයට ඇයගේ ප්‍රජාවේ සියල්ලන්ගෙන් ඉමහත් ප්‍රසංශාවක් දිනා ගැනීමට හැකි වුවා මෙන්ම දේශපාලන බලධාරීන්ගේ කෝපයටද දිරියෙන් යුතුව මුහුණ දුන්නාය.


ශාන්ත මේරි විදුහලේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය කාර්යක්ෂමව භාවිතා කරමින් ඊ - පුවරු හා නවීන ක්‍රීඩා උපකරණ ආදී පහසුකම් දක්වා පාසැල සංවර්ධනය කිරීම හේතුවෙන් ඇය ප්‍රසංශාවට හා ගෞරවයට පාත්‍ර වී ඇත. 

ICON<SPACE>4 යොදා 011 588 26 26 අංකයට එවන්න









වෛද්‍ය ටී. සත්‍යමුර්ති - ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් දුෂණ හා අකටයුතුකම් පිලිබඳ චෝදනා අසන්නට ලැබේ. එවැනි වාතාවරණයක් තුළ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමුර්ති තම රෝගීන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන වෛද්‍ය පරිපාලකයෙකු ලෙස කැපී පෙනේ. රාජ්‍ය සේවකයෙකු සිය රාජකාරිය පැහැර හැරීම ම දුෂණයක් ලෙස හදුනාගන්නා වෛද්‍ය සත්‍යමුර්ති, රාජකාරි වේලාවන් තුල වෛද්‍යවරුන් පුද්ගලික චිකිත්සක මධ්‍යස්ථාන වල කටයුතු කිරීම තහනම් කිරීම ඇතුලු ආයතනික වශයෙන් පියවර කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.



ඔහුගේ ක්‍රියා කලාපය නිසා යාපනය ශික්ෂණ රෝහල සුවිශේෂී සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස රෝගීන් අතර කීර්තියක් ලබා ඇත.

ICON<SPACE>5 යොදා 011 588 26 26 අංකයට එවන්න