''සජිත් වෙනුවෙන් මම ගෝඨට අභියෝග කරනවා'' - අජිත්





ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් අතිශය වැදගත් වන්නේ එහි තිබෙන ප්‍රතිපත්ති කවරේදැයි යන්න හා ඒ සම්බන්ධයෙන් සිය අපේක්ෂකයා තුළ තිබෙන දැනුවත්භාවය බව අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අජිත් පී. පෙරේරා අවධාරණය කර සිටියේය. 



මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 



''සජිත් ප්‍රේමදාස මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂට මහතාට  සිය පෞද්ගලික ට්වීටර් ගිණුම හරහා ප්‍රතිපත්තිමය කාරණා ගැන විවාදයකට  එන්න අභියෝග කළා. අද එතුමා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා'' යන්නයි. 


මෙහිදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන අදහස් පළකරමින් ඔහු පෙන්වා දුන්නේ, 

''ලසන්තගේ මරණය කාටත් රහසක් නොවේ, ඒය කළේ කවුද කියන ඒක කවුරුත් දන්නවා. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාධය මත, අහිංසා වික්‍රමතුංග දියණිය ඒහේතුවෙන් ඇමරිකාවේ සිවිල් නඩුවක් පැවරුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, නීතීඥයන් අධිකරණයට කරුණු වාර්තාකර ඇත්තේ, එම සිදුවීම එවකට රජය විසින් සිදුකළ දෙයක්වීමත්, තමා එම රජයේ නිලධාරියකු පමණක් බැවින් ඊට තමාගේ වගකීමක් නැති බවකි. ඒම කරුණු මත සහ ඇමරිකන් රජයේ ප්‍රතිපත්තිය මත අධිකරණය තීන්දු කර ඇත්තේ, එම කටයුත්ත සම්බන්ධයෙන් ඇමරිකන් අධිකරණයට වගකීමක් නැති බවකි.

ඉන් අදහස් කරන්නේ, එම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන වගකීමෙන් නිදහස් කොට නැති බවයි.

ගෝඨාභය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණ මගින් ලබාදී ඇති තීන්දුව, අදාල පොලිස් පරික්ෂණවලට කිසිදු බාධාවක් නොවන බව ලංකාවේ අධිකරණ තීන්දුවේ හරය ලෙස ලෙස සැලිය හැකියි'' යන්නයි