ගෝඨාගේ ගිවිසුම් ගැන හෙළි නොකිරීමේ තැතක්


පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන අනෙකුත් පක්ෂ සහ සංවිධාන මොනවාද ? ඔහු වෙත සිය සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද එකඟතාවන් මොනවාද ? ඒවායේ අන්තර්ගතයන් මොනවා දැයි ජනතාවට හෙළි නොකර සිටීමේ ප්‍රයත්නයක එම පාර්ශවය නියැලී සිටි. 

එහිදී තමාට හිතවත් මාධ්‍ය ආයතන වල සහය ඇතිව එම ගිවිසුම්ගත පක්ෂ සහ සංවිධාන වල නම් පමණක් සිය ප්‍රචාරණය සඳහා පමණක් අනාවරණය කරමින් සිටින අතර ජනතාවගෙන් වසං කිරීමට මෙතරම් උත්සහ ගන්නා කොන්දේසි සහ එකඟතාවන් මොනවාද යන්න විමසා බැලීම වටී.

පසුගිය දින වල අතිඋත්කර්ෂවත් අන්දමින් ගෝඨා ට සහය දැක්වීම සඳහා අත්සන් කළ ගිවිසුම් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර වන ගිවිසුම් වල කොන්දේසි සහ එකඟතාවයන් මෙන් ම පසුගිය 16 වනදා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක වරධරාජා පෙරුමාල් සහ එම පක්ෂයේ සාමාජියන් හමු වි මහින්ද රාජපක්ෂ සමග  ඇති කරගත් ගිවිසුම ද මේ අතර වෙයි.

පසුගිය කාලය පුරාවටම රාජපක්ෂ කල්ලිය විසින් ත්‍රස්තවාදී නාමයෙන් ඇමතූ වරධරාජා පෙරුමාල් සහ සගයන් සමග මේ මොහොතේ ඇති කර ගත්තේ කුමන ආකාරයේ අන්තර්ගතයන් සහිත ගිවිසුමක් ද යන්න ජනාධිපතිවරණයට පෙර ඡන්දදායකයින් දැනගත යුතු බව  දේශපාලන විශ්ලේෂකයින් පවසයි