ගෝඨාගේ සහයක හිස්බුල්ලාගේ උසස් අධ්‍යාපන ආයතනයට ගිවිසුමක් ? 



මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර  එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා  ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා  අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ආශු මාරසිංහ ප‍්‍රකාශ කරයි.

ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ   සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මන්ත්‍රීවරයා  ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.

මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

මඩකලපුව පෞද්ගලික උසස් අධ්‍යාපනය ආයතනය පිළිබඳව  තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා, කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.

කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අත්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් ඔහු  මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.

හිස්බුල්ලාගේ උසස් අධ්‍යාපන ආයතනය යළිත් ? - රතනත් එතැන 

මේ වන විට හිස්බුල්ලා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරග කරන අතර ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස ගේ ජන්ද කැඩීමට බවත් තහවුරුවී තිබේ.

ඔහුව ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත් ඒ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් නැගෙනහිර පළාතේ පිහිටුවා තිබෙන උසස් අධ්‍යාපන ආයතනය නැවත හිස්බුල්ලා වෙත පැවරීමේ පොරොන්දුව මත බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ නිසාම මේ වන විට හිස්බුල්ලා අන්තවාදය පෝෂණය කිරීමට දායක වූවෙකු ලෙස පොදුජන පෙරමුණේ පාර්ශ්ව වෙතින් චෝදනා ලබන්නේ නැත. එසේම පොදුජන පෙරමුණේ අන්තවාදී කොටස් පසුගිය සමයේ ගෙනගිය හිස්බුල්ලා සහ  මුස්ලීම් විරෝධය මුළුමනින්ම ජනතාව නොමග යැවීමේ නින්දිත උත්සාහයක් බවත් තහවුරු වෙයි. 

පසුගිය සමයේදී මඩකලපුව උසස් අධ්‍යාපනය ආයතනයට එරෙහිව දැවැන්ත හඬක් නැගූ අතුරලියේ රතන හිමි ද අද සිටින්නේ ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයේය. 

ඊළාම් රාජ්‍යය වෙත යන්න -  වර්ධරාජා පෙරුමාල් - ගෝඨා රහස් ගිවිසුමක් 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන අනෙකුත් පක්ෂ සහ සංවිධාන මොනවාද ? ඔහු වෙත සිය සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද එකඟතාවන් මොනවාද? ඒවායේ අන්තර්ගතයන් මොනවා දැයි ජනතාවට හෙළි නොකර සිටීමේ ප්‍රයත්නයක එම දෙපාර්ශවය නියැලී සිටින බව වාර්තා වේ. 

එහිදී තමාට හිතවත් මාධ්‍ය ආයතන වල සහය ඇතිව එම ගිවිසුම්ගත පක්ෂ සහ සංවිධාන වල නම් පමණක් සිය ප්‍රචාරණය සඳහා අනාවරණය කරමින් සිටින අතර ජනතාවගෙන් වසං කිරීමට මෙතරම් උත්සහ ගන්නා කොන්දේසි සහ එකඟතාවන් මොනවාද යන්න විමසා බැලීම වටියි.

ඒ අනුව පසුගිය දින වල අතිඋත්කර්ෂවත් අන්දමින් ගෝඨාභයට සහය දැක්වීම සඳහා අත්සන් කළ ගිවිසුම් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර වන ගිවිසුම් වල කොන්දේසි සහ එකඟතාවයන් මෙන් ම පසුගිය 16 වනදා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක වර්ධරාජා පෙරුමාල් සහ එම පක්ෂයේ සාමාජියන් හමු වි මහින්ද රාජපක්ෂ  ඇති කරගත් ගිවිසුම ද මේ අතර වෙයි.

 පසුගිය කාලය පුරාවටම රාජපක්ෂ කල්ලිය විසින් ත්‍රස්තවාදී නාමයෙන් ඇමතූ වර්ධරාජා පෙරුමාල් සහ සගයන් සමග මේ මොහොතේ ඇති කර ගත්තේ කුමන ආකාරයේ අන්තර්ගතයන් සහිත ගිවිසුමක් ද යන්න ද අවධානයට ලක්විය යුතුවේ. 

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වර්ධරාජා පෙරුමාල් පත් විමෙන් පසු උතුරු නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහු විසින් එම ප්‍රකාශය තවමත් ඉල්ලා අස්කරගෙන නොමැත.

ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ හෙවත් EPRLF සන්නද්ධ සංවිධානයෙහි ආරම්භක නායකයකු වූ වර්ධරාජා පෙරුමාල් වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටියි.