කලා ශිල්පීන්ගේ සහය සජිත්ටයි




සජිත් ප්‍රේමදාසට කලා ශිල්පීන්ගේ සහය නොමඳව හිමිවන බව ඊයේ (23) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විවිධ ක්ෂේත්‍ර වල කලා ශිල්පීන් ගණනාවක් පවසා සිටියේය.



රෙක්ස් කොඩිප්පිලි

''සජිත් ප්‍රේමදාස මැතිතුමා කලාව ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. මේ තරඟයෙන් දැනට ඉදිරි‍යෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. හැම ක්ෂේත්‍රයකම දෙදාහකට වැඩිය කලාකරුවන් අප සමග ඉන්නවා. ඒ අය හැමකෙනෙක්ම මෑතකදී තිබුණු උත්සවයකට ආවා. එතුමා ජනාධිපතිතුමාව ගෙන්වලා සම්මාන ප්‍රදානෝත්සවයක් කරා. ඒ හැම කෙනෙක්ම ඒ උත්සවයට ආවා. ජනාධිපතිතුමා එහිදී කිව්වා මෙතුමා වගේ කලාකරුවන්ට සේවය කරන මේ වගේ වැඩකරන කෙනෙක් මම දැක්කේ නෑ කියලා. රටේ ජනාධිපතිතුමා කියනවා නම් මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් තවත් නැහැයි කියලා මොහු සුදුසුයි කියලා කිව්වා ජනාධිපතිකමට වුණත් පත්කරන්න.'' 



චන්ද්‍රිකා සිරිවර්ධන

''ඇත්තටම මට කියන්න තියෙන්නේ එක දෙයක්. ඒ එක දේ තුළ හැමදේම තියෙනවා. මං මෙතන ඉන්නේ ‘ඔහු මට විශ්වාසයි’. ඒ විශ්වාසය මත ලකුණු පේනවා. ඒ කියන්නේ විශ්වාසය ගඟ. උත්සාහය දිය. පුෂ්පය, ප්‍රබෝධය. ලීමට, කීමට කතාකරන්නට ඔබ මට විශ්වාසයි. ඉතිං, එතුමා කලාකරුවෝ කියලා නෙමේ මේ රටේ හැමදෙනාටම, දුප්පත්, පොහොසත් හැමෝටම එක සේ සලකනවා කියලා ප්‍රබල විශ්වාසයක් තියෙනවා.''  


චන්ද්‍රලේඛා පෙරේරා 

''මට කියන්න තියෙන්නේ මම හා මගේ පවුලේ ඡන්ද එකෙන්ම සජිත් ප්‍රේමදාසට. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තරම් කලාකරුවන්ට විතරක් නෙමෙයි දුප්පත් ජනතාව හැමකෙනාටම සේවය කරපු නායකයෙක් ඒ වගේ බිහිවෙලා නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි හැම කෙනෙක් ගැනම බලලා කරන්න ඕන හැමදේම ඉටුකරයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගියපු පාරෙම එතුමා යයි කියන විශ්වාසය සීයට සීයක්ම තියෙනවා.''



අරුණ ශ්‍රීනාත් හෙට්ටිආරච්චි 

''හැම ආණ්ඩුවකින්ම කලාකරුවෝ පීඩනයට පත්වෙලා තියෙනවා. හැබැයි මේ පහුගිය අවුරුදු හතර හමාරේ සජිත් ප්‍රේමදාස මහත්තයා සාමාජිකත්වය දරපු ඒ රජය තුළ කිසිම පුරවැසියෙකුට, කලාකරුවෙකුට තියා මාධ්‍යවේදියෙකුට ඇගිල්ලෙන් ඇන්න තරම් වත් කිසිම හිංසාවක් පීඩාවක් නොතිබුණු එකම යුගය තමයි පහුගිය අවුරුදු කීපය ''