පාස්කු ඉරිදා වාර්තා‍වෙන් හිස්බුල්ලාටත් චෝදනා


එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේ අරාබිකරණය ආරම්භ කළ  බවත් ඉස්ලාමීය ප්‍රජාව තුළත් අන්තවාදය වර්ධනය වීමට අරාබිකරණය හා වහබ්වාදය හේතුවූ බවත් ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ පෙන්වා දී තිබේ. 



මෑත වසර වලදී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වහබ්වාදය හා අරාබිකරණයේ වැඩිවීමක් ද කාරක සභාව නිරීක්ෂණය කරන බව පෙන්වා දේ. ප්‍රසිද්ධ දැන්වීම් පුවරු වල අරාබි අකුරු භාවිතය හා රට ඉඳි ගස් පෙනෙන්නට තිබෙන බැවින් මෑතකදී කාත්තන්කුඩි නගරයෙහි භෞතික වෙනස්කමක් ඇතිවී තිබෙන බව පවසයි. මඩකලපුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි වලට රටෙහි අනෙකුත් විශ්වවිද්‍යාල ගොඩනැගිලි වලට සපුරා වෙනස්ව යමින්, ඉස්ලාමීය ගෘහ නිර්මාණ හා උද්‍යාන අලංකරණය විශේෂිතය යොදාගෙන තිබේ යැයි දක්වයි. 

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේ අරාබිකරණය ආරම්භ කළ වර්ධනය කළ බව කාරක සභාවට ලද සාක්ෂි වලින් පෙනෙන බව පෙන්වා දේ. නැගෙනහිර පළාතේ විශේෂිතවත්, ඉස්ලාමීය ප්‍රජාව තුළත් අන්තවාදය වර්ධනය වීමට අරාබිකරණය හා වහබ්වාදය හේතුවූ බවත්, තවදුරටත් පරීක්ෂණ කළ යුතු බව පවසයි.