''හිරු කරපු වැඩේට මං උසාවි යනවා'' - ෆවුසි


ගෝඨාභය රාජපක්ෂ මරා දැමිය යුතු බවට තමන් කළ ප්‍රකාශයක් විකෘති කරමින් ‘හිරු‘ පුවත් තුළ පළකල බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ. එච්. එම්. ෆවුසි අවධාරණය කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ,

‘‘මේ මැතිවරණයේදී මම ගෝඨාභය රාජපක්ෂට උදව් කරන්න ගියේ නැහැ. හේතුව අන්තවාදී, ජාතිවාදී, ආගම් වාදී සියලුදෙනාම ඒ කණ්ඩායමට එකුතවෙලා තියෙන නිසා මම බැලුවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරන්න.

ඊයේ රැස්වීමක් තිබුණා තොටළඟ. ඒ රැස්විමේදී මං කිව්වා ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අලුතින් පක්ෂයක් පිහිටුවාගෙන 98%ක්ම ශ්‍රීලනිප පාක්ෂිකයෝ ගිහිල්ලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන 2 %  මේ මැතිවරණයෙන් පස්සේ ඒ ටිකත් ගිහිල්ලා එනවා. ඒ නිසා ශ්‍රීලනිපය අවසානයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ පැරද්දුවා නම් ශ්‍රීලනිපය ආරක්ෂා වෙනවා. මේ මැතිවරණයේදී ශ්‍රීලනිපය ආරක්ෂා කරන්නට ගෝඨාභය රාජපක්ෂ පරද්දන්න කියලයි මං කිව්වේ. නමුත්, කැත විදියට ඒ හිරු නාලිකාවෙන් ඒක විකෘති කරලා කියලා තියෙනවා මම කිව්වලු ගෝඨාභය රාජපක්ෂව මරරන්න ඕන කියලා‘‘ යන්නයි.