''හිරු' කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක්' - මංගල




'හිරු' මාධ්‍ය ආයතනය වගකීමෙන් කටයුතු නොකරන බවත් මෙය අසත්‍ය පතුරුවා හරින නාලිකාවක් බවත් අසික්කිත මාධ්‍ය කලාව නවතා දැමීමට 'හිරු' නාලිකාව වර්ජනය කළයුතු බව අමාත්‍ය මංගල සමරවීර පසුගියදා (27) අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

'හිරු' කළු සල්ලි - සුදු කරන ව්‍යාපාරයක් 


නීතිවිරෝධී ව්‍යාපාරය වලින් මුදල් හම්ම කරලා, ඇත්ත වශයෙන්ම මම  'හිරු' රූපවාහිනිය දකින්නේ කළු සල්ලි - සුදු කරන ව්‍යාපාරයක් හැටියට. ඒක මම වගකීමෙන් කියනවා. 'හිරු' ටෙලිවිෂන් ඊස් අ මනි ලොන්ඩරින් ඔපරේෂන්.  තමන්ගේ අයථා ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂ යටතේ එදා මෙන්ම ගෙන යන්නට පුළුවන් කියන විශ්වාසය තියෙන නිසත්, ඒ වගේම මිනීමැරුමකට අද හිරගෙදර පසුවෙන  තමන්ගේ සහෝදරයා බේරාගැනීම වෙනුවෙන්  තමයි මේ අසික්කිත ජනමාධ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ. බොරු කියනවා. 


දැන් මමත් මේ වෙනකොටත් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළා, ෆවුසි ඇමතිතුමා කිව්ව කතාවක්, සම්පූර්ණයෙන්ම විකෘති කරලා දැම්මා. නවින් දිසානායක මැතිතුමා කියන විදියට විකෘති කරලා දානවා. 


'හිරු' වර්ජනය කරන්න

හැමදාම සම්පූර්ණයෙන්ම බොරු දානවා. අපි කියන්නේ ආණ්ඩුවේ හොඳ දාන්න කියලා. නමුත්, වගකිවයුතු මාධ්‍ය ආයතනයක් නම් වගකීමෙන් කටයුතු කරන්න ඕන. එසේ නොවන නිසා අපි මේ අයට සුදුවෑන් යවන්නෙත් නෑ, මේ අය පස්සේ වෙනත් නිළ නොවන හමුදා යවන්නෙත් නෑ,  'සිරස' ආයතනයට කරා වගේ 'හිරු' ආයතනය අපි ගිනිතියන්නෙත් නෑ, නමුත්, අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, මේ අසික්කිත මාධ්‍ය කලාව නවතා දමන්න වහාම 'හිරු' වර්ජනය කරන්න. පොහොට්ටුකාරයින්ටත් මම කියනවා, මේ වගේ අසික්කිත මාධ්‍ය කලාවක් දවසක ඒගොල්ලන්ගේ පස්සෙත් එනවා. ඒක නිසා හොඳම දේ මෙවැනි මාධ්‍ය ආයතනයන් අපේ මාධ්‍ය භූමිකාවෙන් සදහටම තුරන් කරන්න ඕන'' යන්නයි.