මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රදානයට කැබිනට් අනුමැතිය


මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ප්‍රදානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අද (29) අනුමත කර තිබේ. 

මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ තමන් කිසිලෙසකින්වත් මෙම ගනුදෙනුව අනුමත නොකරන බවයි. සංයුක්ත අරමුදල් අත්සන් කළහොත් ප්‍රවාහන හා ඉඩම් අංශවල සහාය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දැවැන්ත පිටුබලයක් හිමිවෙනු ඇත. 

අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි එම්.සී.සී. ඔවුන්ගේ ආයෝජන නිර්ණායක අනුව ඇගයීමක් සිදු කර ඇති අතර ඔවුන්ගේ සංයුක්ත ආයෝජන වැඩසටහන යටතේ ප්‍රදාන අරමුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලත් රටක් ලෙස තෝරාගෙන තිබේ.

මෙම ප්‍රදානය යටතේ වසර 5 ක් තුළ නිම කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘති 03 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් මෙරටට ලැබීමට නියමිතය. කොළඹ අගනගරය ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන  සංවර්ධන වැඩසටහනක් දියත් කිරීම, ගමන් කාලය අඩු කිරීම මගින් රථවාහන තදබදය අඩු කිරීම මේ අතර වේ.