ගෝඨාගෙන් ජනපතිට චෝදනා ?



වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදීන් ගැන තොරතුරු සොයනු වෙනුවට දේශපාලන  වශයෙන් පලිගැනීමට පොලීසිය ඇතුළු ආයතන යොදාගත් බව ඊයේ (30) දින මහරගමදී පැවති ජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේය. 

පසුගිය වසරේ නොවැම්බර් මස 5 වැනිදා සිට අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගැනීම සිදුකළ අතර ගෝඨාභය රාජපක්ෂට මේ වග අමතක වුණිද ?. 


ගෝඨාභය ඊයේ මෙලෙස චෝදනා කර සිටියේ වත්මන් ජනපතිතුමාටද ? 


‘එදා බලන්න, පොලීසියේ ටී.අයි.ඩී. ටෙරසිස්ට් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන්, සීඅයිඩී - අපරාධ විමර්ශන කොට්ඨාසය, මේවා පාවිච්චි කරේ මේ කොළඹ නගරය ආරක්ෂා කරන්න. ත්‍රස්තවාදීන් ගැන තොරතුරු හොයන්න. ඒ ත්‍රස්තවාදීන්ගේ ජාලයන් කඩලා දාලා විශාල සේවයක් ඒ පොලීසිය කරා. නමුත්, මේ රජය මේවා පාවිච්චි කරේ දේශපාලන පලිගැනීම් කරන්නට විතරයි. විරුද්ධවාදීන් පසුපස ගිහිල්ලා, අභූත චෝදනා නගලා පළිගන්න විතරයි. මේක හින්දා තමයි මේ රටේ ජාතික ආරක්ෂාව නැතිවෙලා ගියේ.’