මිලේනියම් චැලේන්ජ් ප්‍රදානයේ ඇත්ත දැනගන්න




මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ සිදුකරන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ඇමෙරිකානු ආයතනයක් වෙත පැවරෙන්නේ නැත. 

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ ඩොලර් මිලියන 480ක පරිත්‍යාගයකි. එය නැවත ඇමෙරිකාවට ගෙවීමට ගිවිසුමෙන් බැඳී නැත.  

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික නායකත්වයට සහ සෙසු හවුල්කරුවන්ට වග කියන ආකාරයට මෙහෙයවනු ලබන්නේද ශ්‍රී ලාංකිකයන් විසින්මය.  .
ශ්‍රී ලංකාවේ ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණය යන ප්‍රධාන ආර්ථික ගැටලු දෙක විසඳීමේ අරමුණින් මෙම සංවර්ධන එකඟතා වැඩසටහන නිර්මාණය කර ඇත. ගමනාගමනය යටතේ කොළඹ සහ මහනුවර අතර වාහන තදබදයට අවධානය යොමුකර තිබේ.

කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට අධිවේගී මාර්ගවලට ඉක්මනින් යා හැකි වැඩසටහනක් මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වන අතර ඒ අනුව කොළඹ නගරයේ කිලෝමීටර් 205ක වාහන තදබදයක් අඩුවනු ඇත. 

නිදහස ලදදා සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමෙරිකාව විසින් ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර ලබා දී ඇති අතර ඒ කිසිදු මුදලක් ආපසු ගෙවන ණය මුදලක් නොවේ.






සබැඳි පුවත්