''රණවිරු ගාය තියෙන අය ෆොන්සේකාට කරපු දේ'' - තේනුවර


'රණවිරු ගාය' ගැන චන්ද්‍රගුප්ත තේනුවර පැවසූ අදහස් යුද්ධය උත්කර්ෂයට නංවන රාජපක්ෂවාදීන් විසින් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස හෙළා දැක තිබුණි. ඔහු මේ අදහස් පළකර තිබුණේ පසුගියදා (09) වෙනිදා කොළඹ, නව නගර ශාලාවේදී 'ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සමාජ සමුළුව - සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කර තිබූ සමුළුවේදීය. 


චන්ද්‍රගුප්ත තේනුවර 'රණවිරු ගාය' පැවසූ සමස්ත අදහස මෙහි උපුටා දක්වන්නේ තමන්ගේ අදහස මුදුන්පත් කරගැනීමට අනෙකුන් දැක්වූ අදහස් විකෘති කරන පිරිසගේ දැනගැනීම පිණිසය. 



ෆොන්සේකා ළඟදී ගෝඨාගේ 'රණවිරු ගාය'ට මොකද වුණේ ? 

''මේ තෝරාගන්නැයි කියන මේ පුද්ගලයා කවුද කියලා අපි අහන්න ඕන. මොකද ඔහු තමයි 'හූ ඊස් ලසන්ත' කියලා ඇහුවේ. දැන් අපි අහන්න ඕන  'හූ ඊස් ගෝඨා' කියලා. මං හිතන්නේ දිගටම අපි ඒ ප්‍රශ්නය ඇසිය යුතුයි.

ඒ ප්‍රශ්නේ ඇසීම නවත්වන්න එපා. මොකද ඔහුගේ ක්‍රියාදාමයන් සියල්ලම අපි ගාව තියෙනවා. සමහර ඒවා සටහන් වෙලා තියෙනවා විද්‍යුත් මාධ්‍ය ඉදිරියේ. සමහර ඒවා තියෙනවා දීර්ඝ සාකච්ඡා වල සරත් ෆොන්සේකා මහත්තයා කරපු. 2010 දී.

ඊළඟට මේ රණවිරු ගාය ඒගොල්ලන්ගේ. එතකොට ඒගොල්ලන්ට මතක නෑ, යුද විරෝධියෙක් වූ චන්ද්‍රගුප්ත තේනුවර, සරත් ෆොන්සේකා හිරේ දැම්මහම ඔහු බේරාගැනීමේ සටනේ පෙරමුණේම හිටියා. එතකොට මිනිස්සු ඇහුවේ යුදවාදයට එරෙහි ඔබ යුද්ධය දිනූ කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා.

 එතකොට අපි කතා කරේ නිදහස් පුරවැසියෙකුට දේශපාලන වශයෙන් සිරකරුවෙක් වෙන්න දෙන්න බැහැ. ඒ නිසා ඔහුව නිදහස් කරගත යුතුයි කියලා. 

එතකොට මේ රණවිරු ගාය තියෙන අය මොනාද කරේ ?. අපි ඇසිය යුතුයි ඒ ප්‍රශ්නය.  ඒ ලෝකයේම මහා බලසම්පන්නම සෙන්පතියා කියපු කෙනාව ඇදගෙන යනකොට ඔවුන්ට තිබුණේ නැහැ, එහෙම රණවිරු ගායක්. දේශය ගැන කැක්කුමක් තිබුණ් නැහැ. ඔහුට නිග්‍රහ කරනකොට ඔවුන්ට එහෙම කැක්කුමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ රණවිරු ගායට අපි බෙහෙතක් නොවැම්බර් 16 වෙනිදා   දිය යුතුමයි.'' යන්නයි.






සබැඳි පුවත් 


‘‘සැබෑ රණවිරුවා අපහාසයට ලක්කළේ නැහැ‘‘ - තේනුවර


ගෝඨාගේ මාර සේනාව

''මේ නඩුවට කිසිම දේශපාලනඥයෙකුගේ සම්බන්ධයක් නැහැ'' - ගාමිණී වියන්ගොඩ