අමරදේව සිනමා හරසර - නොවැම්බර් 1 වෙනිදා සිට




ආචාර්ය පණ්ඩිත් අමරදේව මහානර්ඝ ගාන්ධර්වයාණන්ගේ තෙවැනි ගුණ සමරුව නිමිත්තෙන් අමරදේවයන් සංගීතයෙන් පෝෂණය කළ සිනමා කෘති සප්තකයක්, එළඹෙන නොවැම්බර් 01 වෙනිදා සිට 04 වෙනිදා දක්වා කොළඹ, චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී ප්‍රදර්ශනය කිරීමට අමරදේව පදනම සැලසුම් කර තිබේ. 


2019. නොවැම්බර් 01 (සිකුරාදා)
*ප.ව. 6.00 ට- ගම්පෙරළිය- ලෙස්ටර් ජේම්ස් පීරිස්

2019. නොවැම්බර් 02 (සෙනසුරාදා)
*ප.ව. 2.00 ට - තරංගා- විමල් වෛද්යසේකර ‍
*ප.ව. 4.45 ට- වෙසතුරු සිරිත- ලයනල් අමරසිංහ
*ප.ව. 7.00 ට- තුං මං හන්දිය- මහගම සේකර

2019. නොවැම්බර් 03 (ඉරිදා)
*ප.ව. 2.00 ට - මඩොල්දූව- ලෙස්ටර් ජේම්ස් පීරිස්
*ප.ව. 6.00 ට - රන්සළු- ලෙස්ටර් ජේම්ස් පීරිස්

2019. නොවැම්බර් 04 (සඳුදා)
*ප.ව. 6.00 ට - දෙලොවක් අතර- ලෙස්ටර් ජේම්ස් පීරිස්

සියළුම චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට පෙර සිනමා, සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතෙකු විසින් හැඳින්වීමේ කෙටි දේශනයක් පවත්වනු ඇත. නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සිනමා කෘති නැරඹීමට පැමිණෙන ලෙස සියළුම රසිකයන්ට ආරාධනා කෙරේ...